බදුල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නායයාමේ අවදානමක් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
මේ අතර උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
වයඹ පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයන් ඇතිවීමේ හැකියාව පවතිනවා.
සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල මෙන්ම මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් 100ක පමණ තරමක් තද වර්ෂාපතනයක් ද ඇතිවිය හැකියි.
එමෙන්ම උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තරමක් තද සුළං ද ඇතිවීමේ හැකියාවක් පවතින බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.