පවතින වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 3 කට පනවා තිබූ නායයාමේ අවදානම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව, බදුල්ල, මහනුවර, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට යළි නායයාමේ අවදානම පනවා ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ.
අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 57 යි දශම 8 ලැබී ඇත්තේ බදුල්ල - කන්දකැටිය ප්‍රදේශයටයි.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු දෙකක් අද උදෑසන මීටර් භාගය බැගින් අද උදෑසන විවෘත කෙරුණා.
එසේම, වැසි හේතුවෙන් උතුරු පළාතේ පුද්ගලයින් 2000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
පසුගිය දින කිහිපය තුළම ඇදහැලූණු වර්ෂාවත් සමග නන්දිකඩාල් කලපුවේ ජල ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එහි මෝයකට පුළුල් කෙරුණා.
මේ අතර, අද පස්වරුවේ ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.