Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
04
දැරියන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ වරදට, මරණ දඬුවමින් වන්දි ගෙවූ අවුරුදු 14ක සිසුවෙකුට, වසර 70කට පසු ලොවම සංවේදී කරමින් යුක්තිය ඉටුවෙයි - Video & Photos

- දැරියන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ වරදට, මරණ දඬුවමින් වන්දි ගෙවූ අවුරුදු 14ක සිසුවෙකුට, වසර 70කට පසු ලොවම සංවේදී කරමින් යුක්තිය ඉටුවෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55,885 Views
දෙමව්පියන්ටත් අවසර ලැබිලා නැහැ - දින 81ක් රඳවාගෙන දරුවාගෙන් ප්‍රශ්න කරලා..
නඩු විභාගය අතරතුරත් බයිබලය අත තියාගෙන ඉඳලා - සාක්ෂිකරුවන් කිසිවෙක් නෑ..
කළු ජාතිකයින්ට උසාවිය තහනම් වෙයි - පුංචි ජෝජ් විදුලි පුටුවක අවසන් ගමන් යයි..
 
මේ කතාව වඩාත් සුවිශේෂි කතාවක් බවට පත්වෙන්නේ 20 වැනි සියවසේ මරණ දණ්ඩනය ලබාදුන්නු ළාබාලතම දරුවා ගැන බොහෝ දෙනෙකු නොදන්නා කතාවක් වීම නිසයි. ඉතිහාසය විසින් සඟවනු ලැබුවත් වරින් වර මේ කතාන්දර මතුවෙන්න විවිධ හේතු සාධක තියනවා.
 
මේ කතාවේ ඉන්නේ පුංචි දරුවෙක්. ඔහුගේ නම තමයි, ජෝජ් ජූනියර්ස්. 1929 ඔක්තෝම්බර් 21 දී ඇමරිකා එක්සත් ජනපදියේදී තමයි මේ දරුවා උපත ලබන්නේ.

ජෝජ්ට මරණ දඬුවම හිමිවෙනකොට ඔහුට වයස අවුරුදු 14යි. ඉතින්... අනුකම්පා කරන්න හිතෙනවද? ඒත් ඇත්තටම අවුරුදු 14ක් වෙලත් මේ කොලු ගැටයා කරලා තියෙන වරදනම් සුළුපටු නැහැ.
 
වයස අවුරුදු 11ක් වන බෙටී ජෝන් සහ වයස අවුරුදු 7ක්වන මේරි එමා කියන පුංචි දරියන් දෙදෙනා ඝාතනය කිරීමේ වරදට තමයි, ජෝජ් ජූනියර්ස් කියන වයස අවුරුදු 14 පුංචි දරුවාට මරණ දඬුවම නියම වෙන්නේ.
 
මේ දැරියන් දෙදෙනාගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ, 1944 මාර්තු මාසයේදී.
 
මේ ඝාතන අවසානයේ ජෝජ් අත්අඩංගුවට පත් වෙනවා. පොලිස් අත්අඩංගුවට පත්වුණාට පස්සෙ ඔහුව නිවසින් කිලෝමීටර් 80ක් පමණ ඈතකින් තමයි රඳවලා තියෙන්නේ. දින 81ක් ඇතුළත ඔහුගෙන් දීර්ඝව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා තියනවා.
 
ඒ එක්කම මේ දරුවව බලන්න යන්නවත්, ඔහුගේ දෙමව්පියන්ට අවසර ලැබිලා නැහැ. ඉතින් ටික දවසකට පස්සෙ මේ නඩුව විභාග වෙන්න පටන් ගන්නවා.
 
නඩුව විභාග වෙන වෙලාවේ, මේ පුංචි දරුවා අතේ බයිබලයක් තිබිලා තියෙනවා. ඒ බයිබලය අතේ තියාගෙන කඳුළු සලමින් තමයි, ඔහු නිතරම කාලය ගත කරලා තියෙන්නේ.
 
මේ නඩු විභාගයට සහභාගි වුණු සියලූ ජූරි සභිකයින් සුදු ජාතිකයින්. අධිකරණ ශාලාව තුළත් දහසකට ආසන්න මිනිස්සු ඉඳලා තියනවා. නමුත් කිසිම කළු ජාතිකයෙකුට මේ අධිකරණ ශාලාවට ඇතුළු වීමට අවසර ලබා දීලා නැහැ.
 
ජෝජ්ගේ නඩු විභාගය පැය දෙහමාරකට වැඩි කාලයක් පවත්වලා තියනවා. මේ වයස අවුරුදු 14 පුංචි දරුවා වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීමක්වත් සිද්ධ වෙන්නෙ නැහැ. ඒ වගේම තමයි ඔහු වෙනුවෙන් කිසිම සාක්ෂිකරුවෙක්වත් කැඳවන්නේ නැහැ.
 
විනාඩි 10ක විතර සාකච්ඡාවකින් පස්සෙ පුංචි ජෝජ් වරදකරුවෙක් බවට ජූරි සභාව තීරණය කරනවා.
 
ඒ අනුව විනිසුරුවරයා විසින්, පුංචි දැරියන් දෙදෙනක් ඝාතනය කරපු වරදට ජෝජ්ට මරණ දණ්ඩනය නියම කරනවා. එතනින් එහාට.. අභියාචනා ඉදිරිපත් කරලා තිබුණත්, ඒ හැම එකක්ම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරලා තියනවා.
 
හරියටම 1944 අවුරුද්දේ ජුනි 16 වැනිදා රාත්‍රී 7.30 ට ජෝජ් ජූනියස් කියන දරුවාව විදුලි පුටුවක ඉන්දලා මරා දමන්න සියලු කටයුතු සුදානම් කෙරෙනවා.
 
වැඩිහිටියන් සඳහා වුණු විදුලි පුටුවක් භාවිතා කරලා තමයි මේ දරුවාව ඝාතනයට, එහෙම නැත්තම් මරණ දඬුවමට ලක් කරන්නේ.
 
විදුලි පුටුව පාවිච්චි කරද්දි පළඳින හිස් ආවරණයත් මේ දරුවාට පාවිච්චි කරන්න බැරිවෙලා තියනවා. ඒකට හේතුව තමයි මේක වැඩිහිටියන් වෙනුවෙන් නිර්මාණය කරපු හිස් ආවරණයක් සහ විදුලි පුටුවක් වීම නිසා.
 
කොහොම නමුත්, අවසානයේදී විනාඩි හතරක කාලයක් පුරාවට මේ පුංචි දරුවාගේ හිසට වෝල්ට් 2400ක විදුලි සැරයක් අඛණ්ඩව එල්ල කරලා තියනවා.
 
ඒ අවස්ථාවේදී මේ දරුවා මරණයට පත් වෙනවා. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා.
 
මේ මරණය සිද්ධ වෙලා අවුරුදු 70ක් විතර ගතවුණාට පස්සෙ ඒ කියන්නෙ 2014 අවුරුද්දෙදි මේ නඩුව විවෘත කරලා නැවත විභාගයකට ලක් කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා අධිකරණය තීරණය කරනවා.
 
ඒ නඩු විභාගය අවසන් වෙද්දි එදා අවුරුදු 14දී මරණ දණ්ඩනයට නියම වුණු ජෝජ් ජූනිස් කියන පුංචි දරුවා නිර්දෝෂී දරුවෙක් බවට ඔප්පු වෙනවා. මේ නඩුව නැවත විභාග කරලා තියෙන්නෙ කැමරන් මුලන් කියන නඩුකාරතුමිය විසිනුයි.
 
ඒ නඩුකාරතුමිය පවසන විදිහට එදා ජෝජ්ගෙන් ලබාගත්ත පාපොච්චාරණය ඔහුව බය කරලා බලෙන් ලබාගත්ත පාපොච්චාරණයක්. ඒ වගේම එදා පැවතුණු ඒ නඩුව සම්පූර්ණයෙන්ම වැරදි එකක් කියලත්, ප්‍රකාශ කරලා තියනවා.
 
ඒත් එක්කම... වයස අවුරුදු 14ක පුංචි දරුවෙක් විදිහට එදා.. ඔහුට නියම වුණු දඬුවම ඉතා අමානුෂික දඬුවමක් කියලත්, එතුමිය කියනවා.
 
මේ හැමදේම අවසානයේ තීරණය වෙන දේ, ඇත්තටම එදා ජෝජ් වැරදිකාරයෙක් බවට පත් වෙන්නෙ ඔහු නොකරපු වරදකට. ඇමරිකා එක්සත් ජනපදය තුළ සිද්ධ වුණු ලොකු වරදක් විදිහට මේක හඳුන්වා දෙන්න පුළුවන්.
 
ඒත් මේ වෙද්දි... ජෝජ් අවසන් ගමන් ගිහින් ඉවරයි. මේ සිදුවීම එක්සත් ජනපදයට කළු පැල්ලමක් එක් කළා සේම, ඒ පිළිබඳව විවිධ අන්දමින් පුද්ගලයින් අප්‍රසාදය පළ කර තිබෙනවා.
 
පසුකාලීනව මෙම ඛේදජනක සිදුවීම අළලා කෙටි චිත්‍රපට පවා නිර්මාණය වී තිබෙනවා. මෑතක, එනම් 2017 වර්ෂයේදී එළිදැක්වුණු The Current: The Story of George Stinney, Jr චිත්‍රපටය ඒ අතරින් එකක්.

Credit: Watapita (වටපිට)


The Current: The Story of George Stinney, Jr චිත්‍රපටය පහතින්..



දැරියන් දෙදෙනෙකු ඝාතනයට වරදකරු වී අන්තිම ගමන ගිය ජෝජ් (පහත ඡායාරූප බලන්න.)


ජෝජ් විසින් ඝාතනය කළා යැයි පැවසෙන දැරියන් දෙදෙනා, බෙටී ජෝන්, මේරි එමා.. (පහතින්.)


 
වසර 70කට පසු ජෝජ් ජූනියර්ස් නිවැරදිකරුවෙකු කළ නඩු තීන්දුව.. (පහත ඡායාරූප පෙළ බලන්න.)


 
මෙම කතාව අළලා නිර්මාණය වුණු The Current: The Story of George Stinney, Jr චිත්‍රපටය ඇතුළුව තවත් චිත්‍රපට කිහිපයක රූපරාමු දර්ශණ කිහිපයක් පහතින් බලන්න...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,332 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,073 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,957 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,732 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,792 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top