Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
04
"බිරිඳට ලේ ගිහින් ගර්භාෂය ඉවත් කරලා ICU දැම්මා කිව්වා.." - හොඳට හිටපු බිරිඳ දරුවා බිහි කර දවස් තුනෙන් මැරුණු හැටි ගැන සැමියා රෝහලෙන් ප්‍රශ්න කරයි

- "බිරිඳට ලේ ගිහින් ගර්භාෂය ඉවත් කරලා ICU දැම්මා කිව්වා.." - හොඳට හිටපු බිරිඳ දරුවා බිහි කර දවස් තුනෙන් මැරුණු හැටි ගැන සැමියා රෝහලෙන් ප්‍රශ්න කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
"අමාරුවෙන් දවස් 3ක් තියාගන්නේ නැතුව ඔපරේෂන් කරලා බබා ගන්න තිබ්බා.."

"එහෙම කළා නම් අද මගේ බිරිද ජිවතුන් අතර, දරුවෝ නැතුව අවුරුදු 5ක් හිටියා.."

"බිරිදගේ ලේ වලට විෂ බීජයක් ගිහිල්ලා උණ තදින්ම තියෙනවා කියලා කිව්වා ..."


"දරුවා හම්බ වෙන්න මගේ බිරිඳ කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරනකොට ඇයට කිසිම අසනීපයක් තත්ත්වයක් තිබුණේ නෑ. දරුවා ලැබෙන්න බිරිඳට හොදටම අමාරුව හැදිලා තියෙනවා.සැත්කමක් කරලාවත් කමක් නෑ දරුවා ගන්න කියලා බිරිඳ කෑ ගහලා තියෙනවා.ඒ සැත්කම කරලාවත් බබා ගත්තා නම් අද මගේ බිරිද ජිවත්වෙනවා. බබා හම්බ වෙලා දින තුනකට පසුව බිරිඳ මිය යෑමේ හෙතුව මා දන්නේ නෑ.ඒ නිසා මගේ බිරිදගේ මරණය සම්බන්ධයෙන් මට විධිමත් පරීක්ෂණයක් සිදු කරලා මරණයට හෙතුව දැන ගන්න අවශ්‍ය යැයි කෑගල්ල මහ රෝහලේ දී බිළිදියක බිහි කර දින තුනකට පසුව මිය ගිය මවගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සැමිය වන සූරසේනගේ අකිල සූරසේන (අවු 30) මහතා පවසා සිටිනවා.

මෙලෙස බිළිදියක බිහි කර දින තුනකට පසුව මිය ගොස් තිබුණේ රඹුක්කන, වහව සමන්තාගම අංක 36 නිවසේ පදිංචිව සිටි ගොරකගහහේනේ උත්පලා නීලවල නැමති 29 හැවිරිදි එක් දරු මවක් බවයි සදහන් වන්නේ.

මිය ගොස් ඇති මව ඉකුත් 28 දා රාත්‍රි ගැහැණු දරුවෙකු බිහි කිරීමේන් පසුව අධික ලෙස ⁣රුධිරය වාහනය වීමක් සිදුව තිබෙනවා. පසුව රෝහලෙන් රුධිය ලබා දී අනතුරුව සැත්කමක්ද සිදු කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දින තුනකට පසු ඉකුත් 01 දා රාත්‍රි 11.30 මිය ගොස් තිබෙනවා. මිය ගිය මවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා 02 දා පෙරවරුවේ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධිණි කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී පවත්වා ඇති බවත් සදහන්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු මිය ගිය මවගේ සැමිය වන සූරසේනගේ අකිල සූරසේන (අවු 30) මහතා,

මිය ගොස් සිටින්නේ මගේ විවාහක බිරිඳයි. අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු නවයක් පමණ වෙනවා.මම යුධ හමුවේ මන්නාරම පෙරියමඩු කදවුරේ සේවය කරමින් සිටිනවා. බිරිඳ රැකියාවක් කළෙත් නෑ.අපි විවාහ වෙලා ගල්ගමුවේ ඇහැටුවැව මගේ මහ ගෙදර පදිංචිව සිටියා.බිරිදගේ දකුණු කන ඇසීමේ අඩුවක් තිබුණා. අවුරුදු පහක් ගියත් අපට දරුවන් ලැබුණේ නෑ.ඒ නිසා අපි දෙන්නා කොළඹ කාසල් කාන්තා රෝහලේන් ප්‍රතිකාර ලබා ගනිමින් සිටියා.

2018 දෙසැම්බර් 17 දින කෑගල්ල මහ රෝහලේ උපත ලද පිරිමි දරුවෙක් එදා සිට හදාගැනීමට අපි නීතියානුකූලව අපි ගත්තා. දරුවා රැගෙන මාස තුනක් විතර ගියාට පස්සේ බිරිද ගැබ් ගත්තා. ගැබ්ගෙන මාස එකහමාරක් විතර ගියාට පස්සේ වැලිගොමුව සෞඛ්‍ය සායනනයට බිරිඳ  යොමු වුණා. එහි වෛද්‍ය පරීක්ෂණ යොමු වෙමින් එයින් ලබාදෙන විටමින් ගෙන සාමාන්‍ය ලෙස ජිවත්වෙමින් සිටියා.මුල් කාලයේ කෑම කන්න බෑ කියලා මට දුරකථනයෙන් සේවය කරන ස්ථානයට කියා තිබුණා.

බබා ලැබීමට නොවැම්බර් 28 දින දීලා තියෙන්නේ කියලා බිරිඳ මට කල්තියා කියා තිබුණා. මීට අමතරව බිරිඳ පුද්ගලිකව නාරිවේද හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය ජානක ජයසිංහ මහතාගේන් ද ප්‍රතිකාර ලබා ගත්තා. එතනදී කල ස්කෑනයකදී දරුවා හොදින් වැඩෙමින් සිටිනවා කියලා වෛද්‍යවරයා බිරිඳට කියලා තිබුණා.

ඔහොම ඉන්නකොට පසුගිය නොවැම්බර් 24 දා සවස මට බිරිඳ කතා කරලා කිවා බඩේ කැක්කුමයි කියලා. පස්සේ මිහිරි නංගි බිරිදව එදිනම සවස කෑගල්ල මහ රෝහලේ අංක 15 වාට්ටුවේ නතර කර තිබුණා. පස්සේ මම 25 රාජකාරි නිවාඩු ලබාගෙන ගෙදර පැමිණියා. 25 දා සවස මම බිරිද බලන්න කෑගල්ල රෝහලට ආවා. ඒ වෙනකොටත් බිරිඳට බඩේ කැක්කුම හැදිලා තිබුණා. මම ඊට පස්සේ බිරිඳ බලන්න දිගටම කෑගල්ල රෝහලට ආවා ගියා.

28 දා බලන්න ආපුහම බිරිඳ දරුවා ලැබෙන්න සුතිකාගාරයට රැගෙන තිබුණා. මම සුතිකාගාරයේ සිටි හෙද නිලධාරිණියකගේන් ඇහැව්වා. තාම බබා ලැබිලා නෑ කියලා කිවුවා. දවල් හවස අපි ආවත් බලන්න ඇයට දරුවා ලැබිලා තිබුණේ නෑ. 29 දා මමත් බිරිදගේ අම්මාත් උදේ බලන්න ආවාට බිරිද වාට්ටුවේ හිටියේ නෑ. පස්සේ මම සුතිකාගාරයට ගිහින් වෛද්‍යවරයෙකුගෙන් බිරිඳ ගැන අහනකොට කීවා බිරිඳට ඊයේ රාත්‍රි බබෙක් ඉපදිලා තිබුණා. බාබා බේබි රෑම් එකේ දාලා ඉන්නවා. බිරිදට ලේ ගිහින් සැත්කමක් කරලා ගර්භාෂය ඉවත් කරලා පස්සේ දැඩි සත්කාර ඒකකයට දැම්මා කියලා මට කිවුවා.ඊට පස්සේ අපි දැඩි සත්කාර ඒකකයට ගියා. ගියාට පස්සේ දැක්කා බිරිදට බට ගහලා ඔක්සිජන් දීලා අමාරුවෙන් ඉන්නවා.

පස්සේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරයෙක් අපට කීවා ලෙඩාගේ ගර්භාෂයත් ඉවත් කරලා දුර්වල තත්ත්වයේ ඉන්නේ කියලා කිව්වා.පුළුවන් තරම් බේරා ගැනීමට උත්සහ කරනවා කියලත් කිව්වා.පස්සේ අපි බේබි රෑම් එකේ දාලා හිටිය බබා බලන්නත් ගියා. එතන හිටපු වෛද්‍යවරයා අපට කීවා ඔක්සිජන් නැතිව දරුවා සිරවී සිටි නිසා වෛද්‍ය උපකරණ යොදා දරුවා පිටතට අරන් තියෙන්නේ කියලා කීවා. ඒ නිසා දරුවාට ප්‍රතිකාර කරනවා කියලා කීවා. අපටත් කියලා පිටතින් බෙහෙතකුත් ගෙන්වා ගත්තා. අපි දැක්කා දරුවා හොදින් ඉන්නවා.

ඊට පස්සේ 30 දා වෛද්‍යවරයෙක් කීවා බිරිදගේ ලේ වලට විෂ බීජයක් ගිහිල්ලා උණ තදින්ම තියෙනවා කියලා . පළවෙනි දා බිරිද බලන්න ආවත් සුවයක් දකින්න ලැබුණේ නෑ. හොද තත්ත්වයට ගන්න පුළුවන් කියලා දැන ගන්න ලැබුණා.පස්සේ දෙසැම්බර් 02 දා උදේ බලන්න ආවා. ඊට පස්සේ දැන ගන්න ලැබුණා පළමුවෙනිදා රෑ 11.30 ට බිරිද මිය ගිහිල්ලා කියලා. පස්සේ බිරිදගේ මවයි මමයි දේහය හදුනාගෙන මරණ පරීක්ෂණයට පෙනී සිටියා.මට මේ මරණය සම්බන්ධයෙන් සැකයක් නෑ. නමුත් මගේ බිරිඳ හොද සෞඛ්‍ය තත්ත්වයෙන් බබා ලැබෙන්න රෝහලට ආවා. දරු උපතේ දී සිදු වුණු දේ ගැන මට පැහැදිලි නෑ. බිරිදගේ මරණය පිළිබද පරීක්ෂණයක් පවත්වලා මරණයට හේතුව
මට දැන ගන්න අවශ්‍යයි. මම වැඩිදුරටත් කියා සිටිනවා ප්‍රසුත වේදනා විදිමින් දින ගණනාවක් මගේ බිරිඳ සිටින අවස්ථාවේදී වෛද්‍යවරුන්ට හෙද කාර්ය මණ්ඩලයට තිබුණා බිරිඳට ඇති වී තිබු ඉතා අපහසුතාවය තේරුම් ගෙන සැත්කමක් කලා නම් දරුවා ලබා ගන්න. එහෙම කලා නම් අද බිරිඳ ජීවතුන් අතර සිටිනවා. දරුවා ද වෛද්‍ය උපකරණ යොදාගෙන එළියට ගත්ත නිසා දරුවාට ද අසනීප බව මා දන්නවා. මෙම මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය බව මා ඉල්ලා සිටිනවා.


චමින්ද ජයලත්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top