නිවසේ යම් කෙනෙකු ඇවිදින ඡායාවක් වරින් වර පෙනෙන්නට වුණා. මහා දුර්ගන්ධයක්ද පැතිර ගියා.
මේ තත්ත්වය දරු දෙදෙනාගේ අධ්‍යාපනයට බලපාන නිසා ජයනාත් ඔවුන් ඥාති ගෙදරක නතර කිරීමට පියවර ගත්තා.
රම්‍යාගේ අතපයේ අප්‍රාණිකත්වයට ප්‍රතිකාර ගත්තත් ඉන් සුවයක් ලැබුණේ නැහැ. අමනුෂ්‍ය බලපෑමක් ඇතැයි සිතා ශාන්තිකර්ම කළත් ඉන්ද සහනයක් ලැබුණේ නැහැ. අන්තිමට සහනයක් පතා ඔවුන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණියා.
ආධ්‍යාත්මීය උපදේශකවරයා ඇගේ ශරීරයේ පළුදු දුටුවා. රෝග පරීක්ෂාවේදී රම්‍යා පැද්දෙන්නට පටන් ගත්තා.
දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ජයනාත්ට පැවසුවා. ඒ කාලය තුළ නිසි පරිදි පන්සිල් ආරක්ෂා කරන ලෙසද ගවේෂකවරයා උපදෙස් දුන්නා.
බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ රම්‍යාගේ ශරීරය තුළින් භූතාත්මයක් දිෂ්ඨි ගැන්වී ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළා.
"කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නේ?"
"මම සංජීව.." භූතයා උත්තර දුන්නා.
"මේ රම්‍යාගේ ගෙදරට අල්ලපු ගෙදර හිටිය කෙනෙක්..."
"දැන් අවුරුදු දෙකක් වෙනවා.."
"මම එල්ලිලා මැරුණා... අනේ මම නෙවෙයි වැරදිකාරයා.. මේ ගෑනියි වැරදිකාරි.." එසේ කියමින් භූතයා හඬා වැටුණා.
"අනේ මහත්තයා. එතකොට මගේ වයස අවුරුදු විසි තුනයි. ජයනාත් හමුදාවේ වැඩ කරද්දි මේ රම්‍යා මාව ආශ්‍රය කළා. මම රම්‍යාගේ කඩේ වැඩවලටත් උදව් කළා. මිනිහා නැති ගෙවල්වලට යන්න එපා කියලා අම්මා නිතර අවවාද කළත් මම එහේ ගියා. දවසක් ජයනාත් ගෙදර නැති වෙලේ රම්‍යා මාව බදාගෙන හිටියා. එතකොට ජයනාත් ඇවිත් තියනවා. ජයනාත් මේක දැකලා. ඒත් මම දැක්කේ නෑ. රම්‍යා එකපාරම, 'අත ඇරපං, මාව අතඇරපං.." කියලා කෑ ගැහුවා. ඒ වෙලාවේ තමයි මම ජයනාත්ව දැක්කේ. ජයනාත්ව දැකලා මම පැනලා ගියා. රම්‍යා මාව පාවා දීලා නිදොස් වුණා..."
"එදා හවස ටවුන් එකේදී ජයනාත් තව යාළුවෝ දෙන්නෙක් එක්ක මට ගැහුවා. මම හිතේ අමාරුවෙන් ගෙදරට වෙලා හිටියා. මේක අපේ අම්මට ආරංචි වෙලා,'මම එදා ඉඳලා උඹට කීවා නේද මිනිහා නැති ගෙවල්වලට රිංගන්න එපා කියල' මට බැන්නා. ජයනාත්ටත් බැන්නා. 'උඹ උඹේ ගෑනිව හදාගනින්' කියලා. රම්‍යා කරපු පාවාදීම ගැන ලැජ්ජාවෙන් මම එදාම රාත්‍රීයේ එල්ලිලා මැරුණා..."
භූතාත්මය එසේ සියල්ල හෙළි කළා.
"මම මැරිලා අපේ ගෙදරටම වෙලා හිටියා. ටික දවසක් මම ගෙදර ඉන්නකොට ගෙදර අයට කරදර ඇතිවුණා. මම අඬන සද්ද ගෙදර අයට ඇහුණලු. ගෙදර ගඳයිලු. පස්සෙ ඇදුරෙක් ගෙන්නලා මාව බන්ධනය කරලා මුන්ගේ වත්තට දැම්මා. 'මරා ගත්ත නම් තොපිම තියාගනිල්ලා' කියලා. එතැන හිටපු අයියා කෙනෙක් මට කිව්වා, 'ඕකුන්ගෙන් පළ ගනිං, මරපං..' කියලා. ඒක මගෙ හිතේ වැඩ කළා. මහත්තයා මම නෙවෙයි වැරදිකාරයා. මේ ගෑනියි වැරදිකාරි.."
තවත් සතියක් බෝධි පූජා පවත්වා යාචක දානයක් දී සංජීවට පින් අනුමෝදන් කර නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට කීවා.
බෝධි පූජා පවත්වන අතර දිනක් රම්‍යා, දුරකථනයෙන් ගවේෂකවරයා ඇමතුවා.
"බලන්න මහත්තයා, අපි සහනයක් ලබා ගන්නයි ආවේ. වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වගේ දෙයක්නේ වුණේ.."
"ඉතින් ඔය සිද්ධිය කියවුණේ ඔබේ කටින්ම නේද?"
"ඇයි ඔබතුමා මාව ආවේශ කළේ.."
"ආවේශය කළා නෙවේ, සංජීව ඔයාගේ ඇඟට රිංගලා ඇත්ත කිව්වා. හේතුවක් නැතුව ඵලයක් හට ගන් නෑනේ.."
"හේතුව.. හේතුව.. හේතුව" එසේ කියමින් රම්‍යා දුරකථනය විසන්ධි කළා.
ඊළඟට ප්‍රතිකාර සඳහා පැමිණි දිනයේ ගවේෂකවරයා ජයනාත්ට අවවාද කළා.
"පිරිමියා මාස ගාණක් ගෙදර නෑවිත් ඉන්නකොට ඕවා වෙන එක ස්භාවිකයි. ඒ වගේ දේවල්වලදී තනි අතින් අත්පුඩි ගහන්න බැරි බවත් හිතන්න ඕනෑ. ඒ කොහොම වුණත් තරුණයාට ප්‍රසිද්ධියේ පහරදීම වරදක්. ඔබට එහෙම කරන්න අයිතියක් නෑ. ඔබේ හදිසි තීරණය නිසා තරුණ ජිවිතයක් ආකාලේ නැතිවුණා.."
"ඔව් මහත්තයා මට ඒ ගැන අවබෝධ වෙලා ඉවරයි. මගේ අතින් සිද්ධ වුණේ බරපතල වරදක්. ඒකට මගේ හිතේ මහා වේදනාවක් තියනවා. මම දැන් නිතරම පසු තැවෙනවා.."
"ඔබටත් තරුණ දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා ඉවසීමෙන් නුවණින් කටයුතු කරන්න ඕනෑ. ඔබේ දරුවා අතිනුත් වරදක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඔබත් නගර මැද දරුවා පහරට ලක් වනවාට කැමතිද? නැහැ නේද?"
"ඒ නිසා ඔබ දෙදෙනාම තවත් දෙසතියක් පන්සලේදී පූජා තියලා සංජීවට පින් අනුමෝදන් කරන්න. පස්සෙ සංජීව සිහිපත් කර 'මම සමාව අයදිමි, සමාව අයදිමි, සමාව අයදිමි, මට සමාව ලැබේවා..' කියලා අධිෂ්ඨාන කරන්න.."
දෙසතියකට පසු නැවත පැමිණි දිනයේද රම්‍යා දිෂ්ඨි ගන්වා ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළා.
"දැන් මේ අය අතහැර ඉවත්වෙලා යන්න කැමතිද?"
"ඔව් මේ දෙන්නා මගෙන් වරදට සමාව ගත්තා. හිතේ තරහ වෛර නැතුව ගියා. ඒත් මේ අය දකිනකොට නැවතත් හිත අවුල් වෙනවා. මේ අය නොපෙනෙන තැනකට ගිහින් නිදහසේ ඉන්න කැමතියි.." භූතාත්මය ගවේෂකවරයාට කීවා.
ජයනාත් ලවා පළතුරු වට්ටියක් ගෙන්වා සංජීවගේ ප්‍රාණකාරයා ඊට සම්බන්ධ කළ ගවේෂකවරයා ඔවුන් අතම භූතාත්මය ශ්‍රී මහා බෝධියට යැව්වා.
අනතුරුව රම්‍යාට දිනපතා නිවසේ උදේ සවස ඉටු කළ යුතු බෞද්ධ පිළිවෙත් කිහිපයක්ද ගවේෂකවරයා නියම කළා.