Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
Slim Nielsen People's Awards 2015 - සියලු මාධ්‍ය සම්මාන හිරුටයි

- Slim Nielsen People's Awards 2015 - සියලු මාධ්‍ය සම්මාන හිරුටයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52,945 Views
වසරේ විශිෂ්ඨතම රූපවාහිනි නාලිකාව - හිරු TV
වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාලිකාව - හිරු  FM
වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නාලිකාව - හිරු  TV
තාරුණ්‍යයේ හොඳම රූපවාහිනි නාලිකාව- හිරු TV
තාරුණ්‍යයේ හොඳම ගුවන් විදුලි නාලිකාව- හිරු FM

2015 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ විද්‍යුත් මාධ්‍ය සඳහා වන සම්මාන සියල්ල දිනා ගනිමින් යළිත් වරක් ජනතාවගේ නාලිකාව බවට පත්වීමට හිරු ටී.වී. සහ හිරු එෆ්. එම්. සමත් වුණා.

ඒ, වසරේ හොඳම රූපවාහිනී නාලිකාව, වසරේ හොඳම ගුවන් විදුලි නාලිකාව, වසරේ හොඳම යොවුන් රූපවාහිනී නාලිකාව, වසරේ හොඳම යොවුන් ගුවන් විදුලි නාලිකාව සහ වසරේ හොඳම ප්‍රවෘත්ති නාලිකාව යන සම්මාන දිනා ගනිමින්.


වාර්ෂිකව පැවැත්වෙන ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ උත්කර්ෂවත් ලෙස කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඊට කලාකරුවන්, මාධ්‍යවේදීන් , ව්‍යාපාරිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිව සිටියා.  සැබැවින්ම ජනතාව අතර ප්‍රචලිත වෙළෙද නාම සහ මාධ්‍ය ආයතනයන් මෙහිදී විශිෂ්ඨ සම්මානයන්ට පාත්‍ර වුණා.  එහිදී විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් පිරිනැමුණු සියලුම සම්මාන දිනා ගැනීමට හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සමත්වීම විශේෂත්වයක්.  මෙහිදී වසරේ විශිෂ්ඨතම රූපවාහිනී නාලිකාව ලෙස හිරු ටී.වී. ස්ලිම් නීල්සන් ජනතා සම්මානයට පාත්‍ර වුණා.

වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාලිකාව ලෙස මෙහිදි සම්මානයට පාත්‍ර වුයේ ද හිරු එෆ්.එම්. නාලිකාවයි. සම්මාන උළෙලේදී වසරේ හොඳම ප්‍රවෘත්ති සපයන්නාට හිමි  ස්ලිම් නීල්සන් ජනතා සම්මානය  හිමි වූයේ ද හිරු ටී.වී. නාලිකාවටයි.  මීට අමතරව හිරු ටී.වී. වසරේ ජනතාවගේ යොවුන් රූපවාහිනී නාලිකාව ලෙසද සම්මාන දිනා ගත්තා. එසේම වසරේ යොවුන් ගුවන් විදුලි නාලිකාවට හිමි සම්මානය ද දිනා ගැනීමටත් හිරු එෆ්.එම්. මෙහිදී සමත් වුණා.

හිරු ටී.වී., හිරු එෆ්.එම්. ලබා ගත් මෙම ජනතා සම්මාන පිටුපස සිටින නියමුවා වන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතායි.


ඔහුගේ සංකල්පයක් මත ආරම්භ වුණු හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. නාලිකා මේ වන විට ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව නව මානයකට යොමු කර අවසන්.  ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී හිරු ටී.වී.සහ හිරු එෆ්. එම්. ලබාගත් මෙම සම්මාන පිළිබද සුභාෂිංශන එක්කරමින් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව නව මඟකට ඔසවා තැබීම සදහා වූ සිය දැක්ම යළි යළිත් මෙරට ජනතාව තහවුරු කර ඇති බවයි.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හිරු ටී.වී., හිරු එෆ්.එම්. වෙත හිමිවන මෙවැනි සම්මාන නිසැකවම අප දිරිමත් කරන බව ඔහුගේ අදහසයි.  ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ  සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ හිරු ටී.වී. , හිරු එෆ්.එම්. ලබන මෙම සියලු ජයග්‍රහණවල සැබෑම හිමිකරුවා අප සමග බැදුණු ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් සහ ශ්‍රාවකයින් බවයි.

නිරත්නරයෙන් නවමු වූ අත්දැකීම් ප්‍රේක්ෂකයින් සහ  ශ්‍රාවකයින් වෙත  ගෙන එමින් නිරතුරු ජනතාව අතර අංක 01 හිමිකර ගත් හිරු ටී.වී., හිරු එෆ්.එම්. ස්ලිම් නීල්සන් සම්මාන රාත්‍රියේදී සම්මාන පිට සම්මාන ලැබීම හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. විශිෂ්ඨත්වය යළි යළිත් තහවුරු කිරීමක්.

මෙහි සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න





මෙහි ඡායාරූප සියල්ල මෙතනින් නරඹන්න

ඡායාරූප - ඉන්දික මල්ලවආරච්චි

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,131 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  897 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,638 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,346 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,802 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,773 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,006 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,390 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  896 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,609 Downloads



Top 10 Commenters

Latest Comments

Top