ඉන්දියාව විසින් සඳ මත ගොඩබෑමට උත්සාහ කිරීමේදී එය මතට කඩා වැටුණු චන්ද්‍රයාන් 2, ගවේෂකය තමන් විසින් සොයා ගත් බව ඇමරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.
චන්ද්‍රයාන් 2 සඳේ දකුණු ධ‍්‍රැව ප්‍රදේශයට ගොඩබෑමට උත්සාහ කෙරුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදියි.
කෙසේ නමුත්, එය මෘදු ලෙස ගොඩබෑමේ උත්සාහය අසාර්ථකවීම නිසා සඳ මතට කඩා වැටී අතුරුදන් වුණා.