ඇය මීට වසර 10කට පමණ ඉහතදී කොළඹ කොම්පඤ්ඤවීදිය සිය මිත්තණියගේ නිවෙසේ සිටින අවස්ථාවේදී බදුල්ල ප්‍රදේශයේ තරුණයෙක් හඳුනාගෙන විවාහ ගිවිස ගෙන කෑගල්ල දික්ඇල්ල පියාගේ නිවෙසට පැමිණ වෙනම නිවෙසක් තනාගෙන ජීවත්වෙමින් සිටි බව පොලිසිය පවසනවා. ඇගේ සැමියා පෙදරේරුවෙක්.
සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා තුනම චතුරව කතා කිරීමට හා ලිවීමේ හැකියාව සිය දියණියට තිබූ බවත් පසුව නාවික හමුදාවට බැඳීමට ගිය අවස්ථාවේදී උස සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙන් දියණියට රැකියාව අහිමිවූ බවත් පියා වන විතානමලාගේ නන්දසිරි මහතා මරණ පරීක්ෂණයේදී සඳහන් කළා.
පසුගිය 29දා සිය දියණිය අධ්‍යාපනය ලබන කනිෂ්ඨ විද්‍යාලයේ ගුරු දෙගුරු රැස්වීමක් පැවැති අතර එම රැස්වීමට මෙම දෙදරු මව ගොස් තිබෙනවා.
එහිදී සිය දියණිය පසුගිය වාර විභාගවලට වඩා අවසන් වාර විභාගයේදී විෂයයන්වලට ලකුණු අඩුවෙන් ලබාගෙන ඇති බව දැනගෙන ඇති අතර පසුව රැස්වීම අවසන් වී නිවෙසට පැමිණ ඇති බව පොලිසිය පවසනවා.
නිවෙසට පැමිණ ඇති ඇය සිය සැමියාට ප්‍රකාශ කර ඇත්තේ සිය දියණිය මෙවර අවසන් වාර විභාගයේදී ලකුණු හොඳටම අඩුවෙන් ලබාගෙන ඇති බවත් එම හේතුවෙන් ඇය ළමා නිවාසයකට යොමු කළ යුතු බවයි.
පසුව දෙදරු මව සිය සැමියා සමඟ යම් වචන හුවමාරුවක් සිදුවීමෙන් පසුව සැමියාට නින්ද ගිය අවස්ථාවේදී සාරියකින් ගෙල වැලලාගෙන තිබෙනවා.
පසුව අසල්වැසි පුද්ගලයකු සමඟ සාරිය කපා ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට රැගෙන ගොස් තිබුණත්, ඒ වනවිටත් ඇය මියගොස් සිටියා.
මියගිය දෙදරු මවගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුසන්ත ජයවීර මහතා විසින් සිදු කළා.
මෙය ගෙල සිරවීමෙන් සිදුකරගත් සියදිවි හානි කර ගැනීමක් බවට කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂක කිත්සිරි රණසිංහ මහතා වාර්තා කරනු ලැබුවා.
මව්බිම