දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද රාත්‍රියේ සිට පළාත් කිහිපයකට වැසි තත්වය වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව, සහ මධ්‍යම පළාත්වල මෙලෙස වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ත් 150 ත් අතර තද වැසි අපේක්ෂා කරන බවයි.