Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක - Video

- විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,827 Views
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඒ පැහැර ගැනීමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඊට මුහුණ පෑ බව කියන තානාපති කාර්ය මණ්ඩල සාමාජිකාවට බල කරමින්.

පෙරවරු 11 ට පමණ කොළඹ 7 ආර්. ජී. සේනානායක මාවතේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණි විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සාමකාමී විරෝධතාවක නිරත වුණා.

එම ස්ථානයට භික්ෂු සංවිධාන කිහිපයක නියෝජිත භික්ෂූන් වහන්සේ ද වැඩම කළා.
 

මේ අතර ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක් පැහැර ගැනීමට ලක්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයාට දැනුම් දුන් බව විදේශ අමාත්‍යංශය පවසනවා.

ඒ විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආර්යසිංහ, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් මහතා සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඊයේ හමුවූ අවස්ථාවේදී.

අදාල හමුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ විදේශ අමාත්‍යංශය පැවසුවේ ස්විස් තානාපති කාර්යාලය පසුගිය සිකුරාදා ලබා දුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම තානාපති කාර්යාලය විසින් ඉටු නොකළද විමර්ශන ඉදිරියට ගෙන ගිය බවයි.

අදාල නිලධාරිනිය වෙනුවෙන් ස්විස් තානාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද පරිදි සිදුවීමට අදාල සිද්ධීන්ගේ පෙළගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමග නොපෑහෙන බව උබර් වාර්තා, සීසීටීවී දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් දත්ත ඇසුරෙන් සනාථ වන බව සාක්ෂි සහිතව ස්විට්සර්ලන්ත තානාපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

විමර්ශන නිලධාරීන් ස්විස් තානාපති කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාරව අදාළ චෝදනාව හා සම්බන්ධ සැබෑ තතු නිවැරදිව හඳුනාගැනීමට තවදුවරටත් විමර්ශන කළ යුතු බව මෙහිදි අවධාරණය කෙරුණු බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ සඳහා සිද්ධියට මුහුණ පෑ බව කියන කාර්ය මණ්ඩල සාමාජිකාවගෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරනු ලැබිය යුතු බව විදේශ අමාත්‍යංශය පෙන්වා දෙනවා.

එසේම සිදු වූ බව කියන පැහැර ගැනීමේදී අදාල කාන්තාවට තුවාල සිදු වූ බව පවසා ඇති බැවින් ඇය අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් විසින් කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකට භාජනය විය යුතු බවද අදාල සාකච්ඡාවේදී ස්විස් තානාපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ යථා තත්ත්වය නිශ්චය කරනු ලැබීම සඳහා ශ්‍රී ලංකා රජයට සහය වන්නැයි තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කළ බවද විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  480 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,753 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,780 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,384 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,594 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,609 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,680 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,653 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top