ඔස්කා’ සම්මාන රැසකින් පිදුම් ලැබු ඩැනී බෙයිල්ගේ ‘ස්ලම්ඩෝග් මිලියනර්’ චිත්‍රපටය හරහා සිනමා රංගනයට පිවිසි ෆරිඩා පින්ටෝ පසුගියදා විවාහ ගිවිස ගත් පුවතක් වාර්තා වෙනවා. ඇයගේ අතගෙන තිබුණේ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වූ කොරි ට්රෙන්ය. ෆරිඩා හා කොරි විවාහ ගිවිස ගෙන ඇත්තේ කොරිගේ 37 වැනි උපන්දිනයේදී වීම විශේෂත්වයක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ෆරිඩා මීට පෙර ‘ස්ලම්ඩෝග් මිලියනර්’ චිත්‍රපටයේ ඇය සමගින් රඟපෑ දේව් පටෙල් සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවටද තොරතුරු වාර්තා වුනා. 35 වැනි වියෙහි පසුවන ෆරිඩාගේ විවහා ගිවිස ගැනීම පිළිබඳව ඉන්දීය සිනමා තරු බොහෝමයක් ඇයට සුබපතා තිබුණ බවත් සඳහන්