Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
01
"තුනෙන් දෙකක බහුතරයක් ලැබුනොත් 19 අහෝසි කරනවා" - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ - Video

- "තුනෙන් දෙකක බහුතරයක් ලැබුනොත් 19 අහෝසි කරනවා" - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
එළැඹෙන මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතරයක් ලබාගත හැකිවුවහොත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

සිය ප්‍රථම විදෙස් රාජ්‍ය සංචාරය ලෙස ඉන්දියාවේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හින්දු පුවත්පතේ කර්තෘ සුහාසිනී හයිඩර් මහත්මිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වුණා.
එහිදී ජනාධිපතිවරයා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හින්දු පුවත්පතට පවසා ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක වී ඇති බැවින් එළැඹෙන මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට හැකි වුවහොත් එය ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ඉන්දු ශ්‍රී ලංකා සබඳතා ඉහළ තලයකට ගෙනයාමට බලාපොරොත්තුවන ක්ෂේත්‍ර සම්බන්ධව හින්දු පුවත්පත මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා තිබෙනවා.

ඊට ප්‍රතිචාර ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් අවංක පුද්ගලයෙකු ලෙස යමක් කළ හැකිනම් ඉන්දියාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් එය කඩිනම් කිරීමට ක්‍රියාකරන බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ පාකිස්ථානය සහ චීනය සමග ශ්‍රී ලංකාවේ සබඳතා ඉන්දියාවේ සැකයට බඳුන්විය හැකි වුවද සෑම අවස්ථාවකදීම ඉන්දියාවේ විශ්වාසය පළුදුවන ආකාරයේ කිසිවක් නොකළහොත් කිසිදු ගැටලුවක් ඇති නොවන බවයි.

13 වන සංශෝධනය හරහා දෙමළ ජනතාව බහුතරයක් ජීවත්වන ප්‍ර දේශ වෙත බලය බෙදාහැරීම සම්බන්ධව මෙහිදී ද හින්දු මාධ්‍යවේදිනිය ජනාධිපතිවරයාගෙන් විමසා තිබෙනවා.

ඊට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා පවසා ඇත්තේ 1987 වසරේ සිදුකළ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බහුතර සිංහල ජනතාවගේ අපේකෂාවන්ට පටහැනිව ගෙන එන ලද්දක් බවයි.

එහි වගන්ති රැසක් දැනටමත් ව්‍යවස්ථාවේම කොටසක් ලෙස ක්‍රියාත්මක වන බවට පැවසූ ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර ප්‍ර දේශවල සංවර්ධනයට සිංහල ජනතාවගෙන් විරෝධයක් එල්ල නොවන බවත් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, පොලිස් බලතල ලබාදීම වැනි කරුණු ක්‍රියාත්මක කළ නොහැකි බවට පවසන ජනාධිපතිවරයා හින්දු පුවත්පතට අවධාරණය කර ඇත්තේ ඊට විකල්ප විසඳුම් පිළිබඳව සාකච්ඡා කළ හැකි බවයි.

වරාය සංවර්ධනය සහ ත්‍රිකුණාමල තෙල් ගබඩා සංකීර්ණය සම්බන්ධව 2017 වර්ෂයේදී ඉන්දියාව සමග පැවති ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් හින්දු පුවත්පත ජනාධිපතිවරයාගේ අදහස විමසා තිබෙනවා.

ඊට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා පවසා ඇත්තේ අපට යම් යම් ක්‍රමවේදයන් වෙනස් කළ යුතු ව්‍යාපෘති කිහිපයක් තිබෙන බවත්, තවමත් සියලු ව්‍යාපෘති විස්තරාත්මකව අධ්‍යයනය කර නොමැති බවයි.

කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මේ සම්බන්ධව වැඩිදුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

දෙදින රාජ්‍ය සංචාරය නිමාකළ ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී 9.445 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් පිටතට පැමිණ ගුවන් තොටුපොළ කටයුතු නිරීක්ෂණය කළා.

එහිදී සංචාරක සහ ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් ද ගුව්න තොටුපොළ වෙත පැමිණ සිටියා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top