Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
"ඔයා බය නැතිව ඉන්න මම වැඩේ කරන්නම්. ඔයාට තියෙන්නේ මම කියන විදිහට වැඩ කරන එක විතරයි" - හොර පාස්පෝර්ට් 250ක් එක්ක අවුරුදු 17 කෙල්ල ගහපු ගේම අතේ පත්තු වෙයි

- "ඔයා බය නැතිව ඉන්න මම වැඩේ කරන්නම්. ඔයාට තියෙන්නේ මම කියන විදිහට වැඩ කරන එක විතරයි" - හොර පාස්පෝර්ට් 250ක් එක්ක අවුරුදු 17 කෙල්ල ගහපු ගේම අතේ පත්තු වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,164 Views
සල්ලි ටිකක් නොවෙයි ගොඩක් හොයා ගන්න පුළුවන්.......

මගේ ළඟ පොඩි අයිඩියා එකක් නම් තියෙනවා......

අමිල නිම්මි විවාහ වූයේ දැනට වසර කිහිපයකට ඉහතදීය. ඒ ආදර සම්බන්ධතාවයක් මතයි. එලෙස විවාහ වුවත් දෙදෙනාට හරි හමන් රැකියාවක් තිබුණේ නැත. ජීවත්වීම සඳහා නොයෙක් දැ කළේය. හරිහමන් ආදායමක් නොමැති වුවත් අමිලට සහ නිම්මිට වුවමනා වූයේ තමන් සල්ලිකාරයින් බව ලෝකයාට පෙන්වීමටයි. එම නිසා තම අසල්වැසියන් නෑදැයින් හමුවේ මොවුන් දෙදෙනා නොයෙක් මාදිලියේ ලොකුකම් පැවසූහ. ඒත් මොවුන්ගේ තරම දන්නා සමහරු එම කතා අසා ‘කතාව දෝලාවෙන් ගමන පයින්’ යැයි කියා ඔවුන්ව තැන් තැන්වල විවේචනය කළහ.

කලක් එලෙස ගත විය. බොරු පම්පෝරි කතා නිසා මොවුනට ගමේ ජීවත්වීමට බැරි තත්ත්වයක් පවා උදාවිය. අවසානයේ කරන්න කිසිම දෙයක් ඔවුනට නොමැති විය. එම නිසා දිනක් එම යුවළ මෙලෙස කතා බස් කළහ.

‘නිම්මි අපි කරලා තියෙන වැඩ එක්ක තවදුරටත් අපිට මේ ගමේ ජීවත්වෙන්න බැහැ.

‘එක තමයි අමිල මට නම් දැන් එපා වෙලා තියෙන්නේ සමහර මිනිස්සු අපිට මුණටම හිනා වෙනවා. මොකක්ද දැන් අපි කරන්නේ.’

‘මගේ ළඟ පොඩි අයිඩියා එකක් නම් තියෙනවා.’

‘මොකක් හරි කමක් නැහැ සල්ලි ටිකක් හොයා ගන්න පුළුවන් වැඩක් නම්.’

‘සල්ලි ටිකක් නොවෙයි ගොඩක් හොයා ගන්න පුළුවන් මේක හරියට කළොත්’

‘ඉතින් කියන්නකෝ අනේ අගේ නොකර’

‘මෙන්න මේකයි වැඬේ. අපි පටන් ගමු ඒජන්සියක් මිනිස්සුන්ව රට යවන’

‘පිස්සුද අනේ ඕවා කරදර වැඩ. නිතී ගොඩක් තියෙනවා. අපි ඒ ගැන මොකුත් දන්නේ නැහැ.’

‘ඒ නිතී ගැන දැන ගන්න ඕනේ නැහැ. අපිට දැන් ඕනේ සල්ලි ටිකක් හොයා ගන්නනේ. ඒක නිසා මේක කරමු අපි.’

‘අනේ මන්දා මට නම් බයයි වගේ.’

‘ඔයා බය නැතිව ඉන්න මම වැඩේ කරන්නම්. ඔයාට තියෙන්නේ මම කියන විදිහට වැඩ කරන එක විතරයි.’

‘දන්නවනේ අමිල ඔයා එක්ක මැරෙන්න හරි මම ඉන්නවා කියලා. ඔයා ඕන දෙයක් කරන්න මම ඉන්නවා ඕනම දේකට. එච්චරයි’

දෙදෙනාගේ කතාව එලෙසින් අවසන් විය. තම ස්වාමිපුරුෂයා වැරදි වැඩක යෙදෙනවා නම් බිරිඳකගේ යුතුකම විය යුත්තේ ඔහුව එතැනින් මුදා ගැනීමයි. එහෙත් නිම්මි එලෙස නොවීය. ඇය මුල සිටම සිදු කළේ තම ස්වාමිපුරුෂයා සිදු කරන වැරදි වැඩවලට තව තවත් උල්පන්දම් දීම පමණි. ඒ අනුව ඔවුන් දෙදෙනා විදේශ රැකියා සපයන කාර්යාලයක් දැමීමට ලක ලැහැස්ති වූහ.

අමිල මිතුරකු මාර්ගයෙන් මරදාන ප්‍රදේශයේ ස්ථානයක් කුලියට ගත්තේය. ඉන් පසු එය අලංකාර කර නමක් යොදා විදේශ
රැකියා සපයන කාර්යාලයක් පටන් ගත්තේය. ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නීති රීතිවලට පටහැනිවයි. කොටින්ම කිවහොත් එය හොර විදේශ රැකියා සපයන කාර්යාලයකි.

විදේශ රැකියා සපයන කාර්යාලය ආරම්භ කර සති කිහිපයක් ඇතුළත විශාල පිරිසක් විදේශ රැකියා සොයා එම ස්ථානයට පැමිණියේය. ඒ එන සියලූ දෙනාටම මිනිසුන් රැවටීමට උපතින්ම දක්ෂතාවයක් දැක්වූ අමිල සහ නිම්මි නොයෙකුත් බොරු පවසා රට සිහින පෙන්නූහ. පැමිණි පිරිස් ඒවා අසා වශී වූහ. සමහරු පැවසුවේ ‘මෙවැනි විදේශ රැකියා සපයන කාර්යාලයක් මෙරට වෙන කිසිම තැනක’ නොමැති බවයි.

එලෙස බොරු සිහින පෙන්වා අමිල සහ නිම්මි අහිංසක මිනිස්සුන්ගෙන් ලක්ෂ ගණන් මුදල් වංචා කළහ. සමහරු ඉඩම් කඩම් පවා විකුණූහ. තවත් අය ගිනි පොලියට පවා සල්ලි රැගෙන අමිලලාට ලබා දුන්නේය. ඒ හැකි ඉක්මනින් විදේශ ගත වීමටයි.

දැන් අමිලගේ අත මිට සරුය. ඒ අහිංසක මිනිසුන් රවටා මුදල් ගරා කෑම නිසාය. එම අහිංසකයින්ගේ සල්ලිවලින් මොවුන් දෙදෙනා සැපවත් ජීවිතයක් ගත කළහ. එහෙත් කලක් මෙම වංචාව එලෙස කරගෙන යෑමට මොහුනට නොහැකි වූහ.

සල්ලි ලබාදීත් විදේශ රැකියා පරක්කුවීම නිසා සමහර මිනිසුන්ට මොවුුන් ගැන සැක සිතුණි. එම නිසා දිගින් දිගටම ඔවුන් මේ පිළිබඳව සොයා බැලූවේය. අවසානයේ ඔවුනට අමිලගේ හොර විදේශ රැකියා සපයන කාර්යාලය පිළිබඳව සියලූ තොරතුරු දැන ගන්නට ලැබුණි. එයින් කුපිත වූ මිනිස්සු මෙම යුවළ සොයා පදිංචි වී සිටින ස්ථානවලට පවා ගියහ.

තත්ත්වය එන්න එන්නම දරුණු වන බව මෙම වංචනික යුවළ දැන ගත්හ. එම නිසා කටුස්සා පාට වෙනස් කරන්නාක් මෙන් මොවුන් ඉන්න ස්ථාන ද මාරු කළහ. එහෙත් මිනිසුන්ගෙන් මොවුනට ගැලවීමක් නොතිබුණි. එම මිනිස්සු මොවුන් යන සෑම ස්ථානයක්ම සොයා ගත්හ. එලෙස සොයා ගෙන හැකි ඉක්මනින් රට යවන ලෙසත් නැතහොත් දුන් මුදල් ආපසු ලබා දෙන ලෙසත් එම මිනිස්සු ඉල්ලා සිටියහ. එහෙත් මෙම වංචාකාර යුවළ කුමක් හෝ පවසමින් එම මිනිසුන්ව යළි යළිත් මුළා කළහ.

එලෙස සතියක් පමණ ගත විය. මුදල් ඉල්ලා මෙම යුවළ කුලියට පදිංචි වී සිටින නිවසට පැමිණෙන මිනිසුන් ප්‍රමාණය වැඩි වූහ. එම නිසා මොවුන් හොර රහසේම වෑවල තොටවත්ත ප්‍රදේශයේ නිවසක පදිංචියට ගියේය. ඒ සැමගෙන් බේරි සැඟවී සිටීම සඳහා ය. එහෙත් වැඩි කලක් එලෙස රැඳී සිටීමට නොහැකි විය. මිනිස්සු එම ස්ථානය ද සොයා ගත්හ.

වංචාවට ලක්වූ මිනිස්සු මෙවර ඔවුනට හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි කතිකා කර ගත්හ. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට ද මේ පිළිබඳව දැන්වූවේය. ඔවුන්ගේ උපදෙස් මත එහි නිලධාරීන් කිහිපදෙනකු සමග එම මිනිස්සු මෙම වංචාකාර යුවළ පදිංචිවි සිටි නිවස වෙත ගියහ. නිවස පරීක්ෂා කළත් සැකකාර යුවළ එහි නොසිටියහ. එහෙත් ඔවුන්ගේ ඥාති කිහිප දෙනෙක් එහි රැඳී සිටියහ.

ඒ වනවිටත් වංචාවට ලක්වූ අය සහ ප්‍රදේශවාසීහු රැසක් එම නිවස ඉදිරිපිට රැඳී සිටියහ. එලෙස රැඳී සිට සැකකාර යුවළගේ ඥාතීන්ට නිවසින් පිටවීමට ඉඩ නොදුන්හ. තත්ත්වය එසේ තිබියදී අවුරුදු 17 ක් පමණ වයසැති තරුණියක් එම ස්ථානයට පැමිණියාය. ඒ විදේශ ගමන් බලපත්‍ර 250 ක් ද රැගෙනයි. එලෙස පැමිණි එම තරුණියව කඳාන පොලිසියේ සහ පැමිණි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීහු අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගෙන කඳාන පොලිසිය වෙත රැගෙන ගියහ. එම තරුණියගෙන් ලද තොරතුරු මත රට යවන බව පවසා මිනිසුන්ගෙන් ලක්ෂ ගණනක් වංචා කළ සැකකාර යුවළ අත්අඩංගුවට ගැනිමට සියලූ කටයුතු යොදා තිබේ.

මෙරට තවත් මෙවැනි වංචනික ලෙස පවත්වාගෙන යන විදේශ රැකියා සපයන ආයතන බොහෝ ඇත. එම නිසා විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ ප්‍රවේශම්වන්න. නැතහොත් ඔබටත් සිදුවන්නේ මෙවැනි වංචනිකයන්ට හසු වී මුදලූත් කාලයත් නැතිකර ගැනීම පමණි.

"දිවයින"
ගයාන් සමරසිංහ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  454 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,735 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,770 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,135 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,310 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,584 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,569 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,638 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,648 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,730 Downloads



Top 10 Commenters

Latest Comments

Top