Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
30
ලන්ඩනයම භීතියට පත් කළ ප්‍රහාරකයා ත්‍රස්තවාදියෙක් බව හෙළි වෙයි - ජිවිත අවදානම නොතකා නිර්භීත වූ මහජනතාවට බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ස්තුති ප්‍රශංසා - Video & Photos

- ලන්ඩනයම භීතියට පත් කළ ප්‍රහාරකයා ත්‍රස්තවාදියෙක් බව හෙළි වෙයි - ජිවිත අවදානම නොතකා නිර්භීත වූ මහජනතාවට බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ස්තුති ප්‍රශංසා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,959 Views
ලන්ඩනය කැළඹූ සිදුවීමත් සමඟ සුප්‍රකට ලන්ඩන් පාලම වසා දමයි..
පිහිඇනුම් සිදු කළ පුද්ගලයා 28 හැවිරිදි උස්මාන් ඛාන් බවට හඳුනා ගනී...
පිහි ඇනුමින් එක් පුද්ගලයෙක් අවසන් ගමනේ - තවත් තිදෙනෙකුට බරපතලයි..
 
සුප්‍රකට ලන්ඩන් පාලම මත සිදුවූ පිහි ඇණුම් සිද්ධියෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
 
පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයාද මියගිය අතර විදෙස් වාර්තා පවසන්නේ සැකකරු ත්‍රස්තවාදී ක්‍රියා මත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැර සිටි අයෙක් බවයි.

ලන්ඩන් නුවර සුප්‍රකට ලන්ඩන් බ්‍රිජ් පාලම මතදී පුද්ගලයෙකු විසින් තවත් පිරිසකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය වාර්තා වුණේ ඊයේ පස්වරුවේයි.
 
නත්තල් නිවාඩු සමයේ සාප්පු සවාරි අරඹන ‘බ්ලැක් ෆ්‍රයිඩේ‘ හෙවත් ‘කළු සිකුරාදා‘ දිනය හේතුවෙන් ලන්ඩන් නගර වැසියන් විශාල පිරිසක් ඒ වන විට පාලම මත රැදී සිට තිබෙනවා.
 
සිදුවීමත් සමඟ ලන්ඩන් පාලම තාවකාලිකව වසා දැමීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගත් අතර පුද්ගලයින් පිරිසක් සිය ජීවිත අවදානමද නොතකා ප්‍රහාරකයා මෙල්ල කිරීමට කටයුතු කළා.
 
ප්‍රහාරකයා මෙල්ල කිරීම සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය එහිදී වෙඩි තැබීමක්ද සිදුකර තිබෙනවා.
 
අදාළ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා මියගිය අතර ඔහු විසින් සිදු කළ පිහි ඇණුම් හේතුවෙන් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව පිරිසක් බරපතළ තුවාල ලැබුවා.
 
විදෙස් මාධ්‍ය පවසන්නේ අදාල පිහිඇනුම් සිදු කළ පුද්ගලයා 28 හැවිරිදි උස්මාන් ඛාන් නැමති අයෙකු බවට අනාවරණය කර ගෙන ඇති බවයි.
 
ඔහු 2012 වසරේදී ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැර සිටි අයෙක්.
 
සැකකරු මීට වසරකට පෙර බන්ධනාගාරයෙන් නිදහස ලබා ඇත්තේද ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක් පැළඳ සිටීමින් සිය හැසිරීම නිරීක්ෂණය කිරීමට පොලිසියට එකඟවීමෙන් පසුවයි.
 
ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය පවසන්නේ සැකකරු එංගලන්තයේ, කෙම්බ්‍රිඩ්ජ් විශ්ව විද්‍යාලයේ පැවති සිරකරුවන් පුනුරුත්ථාපනනය කිරීමේ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි.
 
ප්‍රහාරකයා සන්තකයේ තිබී පුපුරණ ද්‍රව්‍ය සහිත උපකරණයක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
 
මේ අතර, අදාළ සිදුවීමේදී මහජනතාව නිර්භීතව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පොලිසියට සහ මහජනතාවට සිය ස්තූතිය පළ කර තිබෙනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  464 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,751 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,778 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,358 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,589 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,600 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,665 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,649 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,738 Downloads



Top 10 Commenters

Latest Comments

Top