Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
30
"දැන් මට ප්‍රශ්න දාගන්න බෑනේ දරුවෙක් ඉන්න නිසා. අපිට ලැබෙන්න ඕන සල්ලි බලෙන් කොහොම හරි ගත්ත කාලයකුත් තිබුණා..." - හර්ෂ තෙන්නකෝන් - Photos

- "දැන් මට ප්‍රශ්න දාගන්න බෑනේ දරුවෙක් ඉන්න නිසා. අපිට ලැබෙන්න ඕන සල්ලි බලෙන් කොහොම හරි ගත්ත කාලයකුත් තිබුණා..." - හර්ෂ තෙන්නකෝන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

142 Views
"මම තැනේ හැටියට ඉස්සර ඉඳන්ම ඇණේ ගහනවා.."

"බිරියගෙන් තමයි දැනගන්න ඕන මගෙන් දේවල් මඟහැරිලා තියෙනවද කියලා.."

මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් කරනවා. අලුත් චිත්‍රපටයකට ආරාධනා කරලා තියෙනවා. ඒක කෙරෙයිද නැද්ද කියලා දන්නේ නෑ. මම සම්බන්ධ වුණ චිත්‍රපටයක් තිරගත වෙනවා. ‘හුස්මක් තරමට’ කියන ටෙලි නාට්‍යයේ හා තවත් නාට්‍යක් විකාශය වෙනවා. මේ මාසේ අග ටෙලි නාට්‍යයක් විකාශය වෙන්න නියමිතයි. එහි රූගත කිරීම් තිබ්බේ ආණමඩුවේ. ඒ වගේ නිර්මාණ කිහිපයකම වැඩ.

ඒ කියන්නේ වැඩ ජයයි වගේ?

ඔව්. මේ දවස්වල වැඩ ජයයි. ලැබුණු වැඩ ටික කරගෙන යනවා.

හර්ෂ ලැබෙන හැම වැඩක්ම භාරගන්නවද?

මගේ මාසේ වියදම් පියවා ගන්න කරන වැඩ සහ මම ආස කරන වැඩ කියලා කොටස් දෙකක් තියෙනවා. මාසේ වියදම් පියවා ගන්න කරන්න ඕන වැඩ දෙකක් මම කොහොමත් කරනවා. අනෙක් පැත්තෙන් මම වැඩ කරන්න කැමැති අධ්‍යක්ෂවරු සහ පිටපත් එක්ක අනෙක් වැඩ කරනවා. එහෙම තමයි මම තෝරාගැනීම් කරන්නේ.

වැඩ කරද්දි මුදල ගැනත් වැඩිපුර හිතනවා ඇති නේද?

සල්ලි සම්බන්ධ කාරණාවලදී එහෙට මෙහෙට ඇඹරෙන නිෂ්පාදකවරු සහ පොලු තියන අය එක්ක මම වැඩ කරන්නේ නැහැ. සල්ලි නොදෙන මිනිස්සු එක්ක දැන් මට ප්‍රශ්න දාගන්න බෑනේ දරුවෙක් ඉන්න නිසා. අපිට ලැබෙන්න ඕන සල්ලි බලෙන් කොහොම හරි ගත්ත කාලයකුත් තිබුණා. දැන් එහෙම මිනිස්සු එක්ක වැඩ කරන්නේ නැහැ. වැඩේ කොච්චර හොඳ වුණත් දැන් ඒ වගේ මිනිස්සු එක්ක වැඩ කරන්න යන්නේ නැහැ. මට පොලු තිබ්බ අය ඉන්නවා. මම ඒ සල්ලි කොහොම හරි අරගෙනත් තියෙනවා.

ඔබ පෞද්ගලිකව වැඩ කරන්න කැමැති අධ්‍යක්ෂවරු ඉන්නවද?

සම්මාන ලබපු සහ සම්මාන ලබපු නැති අධ්‍යක්ෂවරු කියලා මම අධ්‍යක්ෂවරු බෙදාගෙන නැහැ. මම නළු නිළියන්වත් එහෙම බෙදා වෙන්කරගෙන නැහැ. සම්මාන ගත්ත අයටත් වඩා මාර දක්ෂ, මාර නම්‍යශීලී මිනිස්සු මට මේ ක්ෂේත්‍රයේදී මුණගැහිලා තියෙනවා. මම හිතන්නේ නළුවෙක්ව තේරුම් ගන්න සහ ඒ නිදහස ලබාදෙන නිසි සංවාදය පවත්වාගෙන යන්න පුළුවන්, පිටපත නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඉඩ හදලා දෙන අධ්‍යක්ෂවරු සියලුදෙනාටම මම කැමැතියි. ඔවුන් කරන්නේ මොන වර්ගයේ නාට්‍යද කියන එක මට අදාළ නැහැ.

බොහෝ අය කියන්නේ දැන් තිබෙන නිර්මාණ තිබ්බා ගැහුවා නිර්මාණ කියලා. විවිධ අධ්‍යක්ෂවරු, විවිධ නිර්මාණ එක්ක වැඩ කරන ඔබටත් මේ තිබ්බා ගැහුවා නිර්මාණවල වැඩ කරන්න වෙලා තියෙනවද?

තිබ්බා ගැහුවා නිර්මාණ ඇතුළෙත් නිර්මාණශීලී දේවල් කරන්න ඉඩදෙන අධ්‍යක්ෂවරු මම දැකලා තියෙනවා. දවසටම සීන් දෙකක්, තුනක් කරන ටෙලි නාට්‍යවලත් මම වැඩ කරලා තියෙනවා. ඒ සමහර නිර්මාණවල කතා වුණු තරම් දෙයක් වෙලා නැහැ. හැම කාලෙම මේ ක්ෂේත්‍රය වෙනස් වෙනසුලුයි. පිටපත කලින් හම්බෙන්න ඕන. නිර්මාණය ගැන මාස තුනක් විතර සාකච්ඡා කරන්න ඕන කියලා මම කියන්නේ නැහැ. නළුවෙක් කියන්නේ ඕනෑම තත්ත්වයක් යටතේ අනුගත වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. එහෙම අයට දීර්ඝකාලීනව වැඩ තියෙනවා. සමාජය වෙනස් වෙනසුලුයි. වෙනස් නොවී සිටියොත් ඒ ජීවියා මැරිලා යනවා. ඒ වගේ කාරණයක් තමයි අපිටත් සිද්ධ වෙන්නේ. මේ කාරණාවන්ට වෙනස් වෙන එක තමයි පුහුණු වෙච්ච නළුවෙක්ගේ කාර්යභාරය කියලා මම විශ්වාස කරනවා. තමන්ට තමන්ව නැති කරගන්නේ නැතුව මේකට හැඩ ගැහිලා වැඩ කරන එක එකිනෙකාට සාපේක්ෂයි.

ඒ කියන්නේ හර්ෂ කියන්නේ තැනේ හැටියට ඇණේ ගහන කෙනෙක්ද?

ඔව්. මම තැනේ හැටියට ඉස්සර ඉඳන්ම ඇණේ ගහනවා. මම ඡීවිතේදී වගේම රංගන ජීවිතයෙදීත් එහෙමයි. මම ඕන තැනකට අනුව හැඩ ගැහෙන්න පුළුවන් කෙනෙක්. මම මාව නැති කරගන්නේ නැතුව ඒ හැමදේම කරලා තියෙනවා.

සමහර වැඩ කරද්දී ඔබට ඔබව නැති කරගන්න වෙලාම නැද්ද?

එහෙම වෙලා තියෙනවා. එහෙම වුණු වැඩ කිහිපයක් මගේ ඔළුවේ තියෙනවා. ඒ වගේ තත්ත්වවලදී මම අවුල්සහගතව දවස් කිහිපයක් හිටියා. නමුත් මම අන්තිමේ තීරණය කළා මේක නළුවාගේ මාධ්‍ය නෙමෙයි අධ්‍යක්ෂවරයාගේ මාධ්‍ය. අධ්‍යක්ෂවරයාට අනුව නළුවාට හැඩගැහෙන්න බැරි නම් ඒක නළුවාගේ වැරැද්දක් කියලා මම තේරුම් ගත්තා. අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටින දේ එක්ක ඉතා ඉක්මනින් එකඟ වෙන්න මම මගේ ඔළුව හදාගත්තා.

දැන් ඔබ වැඩිපුර ඉන්නේ ජනප්‍රිය මාධ්‍ය එක්ක. ඔබ වේදිකාවේ වැඩ මඟහැරගෙනද?

මෑත කාලයේ වේදිකාවේ මම කැමැති විදිහේ නිර්මාණ ලැබුණේ නැහැ. වේදිකාවේ සල්ලි හොයන්න කරන වැඩ කරනවා නම් තේරුමක් නැහැ කියලා මම හිතන්නේ. මම අනෙක් මාධ්‍යවලින් සල්ලි හොයනවා. වේදිකාවේ ටුවර්ස් යන්න හරි ලංකාව වටේ පෙන්වන්න කරන වැඩ කරනවාට වඩා මම ආසයි වෙන ශෛලියක මට දැනෙන වැඩක් ඇතුළට සම්බන්ධ වෙන්න. නමුත් එහෙම වැඩ වේදිකාවේ ලැබුණේ නැහැ. වේදිකා නාට්‍ය දෙක තුනක පිටපත් බලන්න ගියත් මගේ ෂෙඩුල් එකත් එක්ක ඔවුන්ටත් ඔවුන්ගේ ෂෙඩුල් එකත් එක්ක මටත් හැඩගැහෙන්න බැරි නිසා මම ඒ වැඩවලින් තරහා නොවී අයින් වුණා. මට දැන් ඉස්සර වගේ රූගත කිරීම්වලට ගිහින්, පුහුණුවීම්වලට ගිහින් ඉන්න අමාරුයි. දැන් මම දරුවා නිසා ඉක්මනින් ගෙදර දුවලා එනවා.

මොන වැඩ රාජකාරි ඇතුළේ වුණත් හර්ෂ පවුලට වැඩි තැනක් දෙනවා වගේ?

ඔව්. පවුලට කොහොමත් මුල්තැන දුන්නා. දැන් දරුවෙක් ඉන්න නිසා එයාට මාව වැඩිපුර ඕනනේ. දැන් මම ගොඩක් මහන්සි වෙන්නත් කැමැති නැහැ. ඒ නිසා වැඩ ඉවරවෙලා, ඉක්මනින් ගෙදර දුවනවා. දැන් මහ අමාරුවෙන් දේවල් නොකර ඔළුවත් නිදහසේ තියාගෙන කරන්න පුළුවන් වැඩ තමයි කරන්න බලන්නේ.

පවුල් ජීවිතේ දේවල් ඔබ මඟහැර ගන්නේම නැද්ද?

මම හිතනවා මම පවුල් ජීවිතේ දේවල් මඟ හරින්නේ නැහැ කියලා. බිරියගෙන් තමයි දැනගන්න ඕන මගෙන් දේවල් මඟහැරිලා තියෙනවද කියලා. මම හිතනවා මගේ පැත්තෙන් කාලය හදාගෙන පවුලට ඒ කාලය වෙන් කරනවා කියලා.

පහුගිය දවස්වල ඔබේ බිරිය විවාහක රූ රැඡින තරගයකටත් ඉදිරිපත් වුණා. ඔබෙන් ඒ වැඩ කටයුතුවලටත් සහායක් ලැබෙන්න ඇති?

මම බිරියව හිරකරගෙන තියාගන්න කැමැති නැහැ. එයාට එයා කැමැති දේවල් කරන්න මම ඉඩදෙනවා. එයත් ඒ වැඩවලට පහුගිය ටිකේම කාර්යබහුල වුණා. මට පුළුවන් සහාය දුන්නා.

බිරියගෙනුත් ඔබේ වැඩවලට නිදහස ලැබිලා තියෙනවද?

ඔව්. ඒ නිදහස නිසා තමයි මටත් ගොඩක් වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

ඔබේ ජීවිතේ විශේෂයෙන් සැලසුම් කරගත්ත වැඩ තියෙනවද ඉදිරියේදී කරන්න?

මගේ ජීවිතේ සෑහෙන කාලයක් ගත කරලා ඉවරයි කියලා මම හිතනවා. මම සෑහෙන සතුටින් මේ ක්ෂේත්‍රයේ වැඩ කරලා තියෙනවා. සල්ලි හම්බකරලා තියෙනවා. මම හොඳට ජීවත්වෙලා තියෙනවා. කසාද බැඳලා, ළමයෙක් හදලා තියෙනවා. වාහන, ගෙවල් ‍ෙදාරවල් තියෙනවා. තව මොනවා මහ ලොකුවට එකතු කරන්නද? මට මේ වෙලාවේ මහ ලොකු දේවල් ගැන බලාපොරොත්තු නැහැ. මහ ලොකු දේවල් අත්පත් කරගන්න, අනෙක් අයව කපාගෙන ගිහින් ලොකු දේවල් හිමි කරගන්න, අලුතින් එන අයට පයින් ගහලා පාගලා දාන කෙනෙක් නෙමෙයි මම. මේ වගේ රටක් ඇතුළේ මහ ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවත්වෙන්නත් බෑ. පුරවැසියාට වග නොකියන රාජ්‍ය ඇතුළේ හෙට ජීවිතයක් ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න බැනේ.

කෞශල්‍යා කළුගම්පිටිය


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top