Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
29
එක්සත් සහ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් සඳහා වන ජනතා අපේක්ෂාව ජනපති ගෝඨාභයගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පැහැදිලියි - ඉන්දීය අගමැති කියයි - Video

- එක්සත් සහ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් සඳහා වන ජනතා අපේක්ෂාව ජනපති ගෝඨාභයගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පැහැදිලියි - ඉන්දීය අගමැති කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,763 Views
එක්සත්, ශක්තිමත් සහ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් සඳහා ජනතාවගේ අපේක්ෂාවන් මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කෙරෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළා.

හයිද්‍රාබාද් මන්දිරයේදී අද දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

“ජනාධිපති රාජපක්ෂ එතුමාගේ පළමු විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීමත් පදවි ප්‍රාප්තියෙන් සති දෙකක කාලයක් තුළදී අපට එතුමාව ගෞරව සම්මානයෙන් පුද කිරීමටත් අවස්ථාව ලබා දීම පිළිබඳවත් අප ඉතාමත් සතුටට පත් වෙනවා. මෙම අවස්ථාව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා මිත්‍රත්වයේ සංකේතයක් වන අතර රටවල් දෙකෙහි සම්බන්ධතාවයට කෙතරම් විශේෂ ස්ථානයක් තිබෙනවා ද යන්න පිළිබඳවත් තහවුරු වෙනවා. රටවල් දෙකෙහි සංවර්ධනය අප ඉතා ගැඹුරින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපගේ සහයෝගය සැමවිටම ඔබට ලබාදීමට අප කටයුතු කරනවා. සමෘධිමත් ශ්‍රී ලංකාවක් භාරත වැසියන්ගේ හද තුළ පමණක් නොව මුළු ඉන්දියන් සාගරයේම හදවත් තුළ ඇත. හිතවතුනි, ශ්‍රී ලංකාව ඉන්දියාව ඉතාමත් ආසන්නයේ පවතින අසල්වැසි මිත්‍ර දේශයයි. දේශයන් දෙකෙහි තිබෙන සම්බන්ධතාවය අපගේ ඉතිහාසය, භාෂාව, සංස්කෘතිය හා සභ්‍යත්වයේ සංයෝගයකි. අද දින අප දෙදෙනා අතර රටවල් දෙකෙහි අන්තර් ජාතික මට්ටමින් ඉතා ඵලදායී සාකච්ඡාවක් පැවැත් වුණා. එහි දී අපගේ දේශයන් එකතු වී රටවල් දෙකෙහි සංවර්ධනය සිදු කිරීමට තීරණය කළා.”

අනතුරුව, එම ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදහස් දක්වා සිටියා.

තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු රාජ්‍ය නායකයා ලෙස දිවයිනට පැමිණෙන ලෙස මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනාවක් ද සිදුකළා.

එමෙන්ම, මෙරට යටිතල පහසුකම් සහ ආර්ථික සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400 ක ණය ආධාර මුදලකුත්, බුද්ධි අංශ ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ණය ආධාර මුදලකුත් ලබාදෙන බව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ස්තූතිය ද පළ කළා.

අගමැති මෝදි සහ මම අද උදෑසන වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහදව සාකච්ඡා කළා.

ප්‍රමුඛතාවක් ලබාදුන්නේ ආරක්ෂාව සම්බන්ධයෙනුයි. බුද්ධි තොරතුරු සහ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමේදී ඉන්දියාව අපට නිරන්තරයෙන් සහය ලබාදී තිබෙනවා.

එය ඉදිරියටත් පවත්වා ගෙන යාමට අපි බලාපොරොත්තු වනවා. බුද්ධි අංශ ශක්තිමත් කිරීමට ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ණය ආධාරය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කරනවා.

පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ සිද්ධියත් සමඟ අපේ ජාතික ආරක්ෂාව පිලිබඳ උපාය මාර්ග සම්බන්ධයෙන් නැවත කල්පනා කළ යුතුයි.

ඒ පිළිබඳව ඉන්දියාව ලබා දුන් තොරතුරු අප අගය කොට සලකනවා.

එමෙන්ම, ඉන්දීය අගමැතිවරයා ලබා දුන් සහතික වීම පිළිබඳව අගය කොට සලකනවා. ඉන්දියානු සාගර කලාපය සාමකාමී ප්‍රදේශයක් ලෙස පවත්වාගෙන යාමට ඉන්දියාව සමඟ සමීපව කටයුතු කිරීම අපේ බලාපොරොත්තුවයි.

එමෙන්ම, ආර්ථික, කටයුතුවලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කටයුතු කළ යුත්තේ කෙසේදැයි අප සාකච්ඡා කළා.

අගමැති මෝදි සහ මම අතර, පැවති සාකච්ඡාවේදී ධීවර ගැටලුව සම්බන්ධයෙනුත් අවධානය යොමු වුණා. ශ්‍රී ලංකා අත්අඩංගුවේ පවතින ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට අපි පියවර ගන්නවා.

ඉන්දීය ණය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ලබාදීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වනවා.

එමෙන්ම, දෙරට අතර වෙළඳාම දියුණු කිරීම පිළිබඳවත් අප සාකච්ඡා කළා. අපේ ළඟම සහ දිගු කාලීන අසල්වැසියා ඉන්දියාවයි. පළමු නිල සංචාරය සිදුකිරීම සඳහා අගමැති මෝදි ආරාධනා කිරීම සම්බන්ධයෙන් මගේ ප්‍රශංසාව පළ කරනවා.

ඒ වගේම මා ජනාධිපති ලෙස පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු රාජ්‍ය නායකයා ලෙස සංචාරයකට එක්වන්නැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ආරාධනාවක් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නවා. ”

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් අතර නිල හමුව අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන්හිදීයි.

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, සිය ප්‍රථම විදේශ රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින් ඉන්දියාවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චාරිත්‍රානුකූලව පිළිගැනීම රාෂ්ට්‍රපති භවන්හිදී මහත් හරසරින් සිදු කෙරුණා බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

තම ධුර කාලයේදී ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයට රැගෙන ඒමට ක්‍රියා කරන බව මෙහිදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

නව ජනාධිපතිවරයාට සුභාෂිංශන එක් කළ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද්, මෙම හමුව දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කරන සුවිශේෂ අවස්ථාවක් බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එමෙන්ම, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් අතර හමුව අද පෙරවරුවේ පැවති අතර, ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රසාදය පළ කර තිබෙනවා.

මේ අතර, ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෙවොල් ද ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා සිදුකළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  458 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,744 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,778 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,350 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,587 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,585 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,657 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,649 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,733 Downloads



Top 10 Commenters

Latest Comments

Top