ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය අඩවි දෙක ලොව පුරා බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් දහස් ගණනක් පරිශීලකයින් අපහසුතාවන්ට ලක්ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අද (28) රාත්‍රී 6.30ට පමණ මෙම සමාජ මාධ්‍ය ජාල අඩවි දෙක බිදවැටීම පිලිබදව ගැටළු වාර්තා වී තිබෙනවා.
ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට තම ගිණුම්වලට පිවිසීමට නොහැකි වී ඇති අතර ලොව පුරා සිටින ෆේස්බුක් පරිශීලකයින් post share කර ගැනීමේ පහසුකම ක්‍රියාත්මක නොවන බවත්, අදහස් දැක්වීමට හෝ ඡායාරූප upload කිරීමට නොහැකි වී ඇති බව සඳහන්.