Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
28
දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය ජනපති ගෝඨාභයට උණුසුම් පිළිගැනීමක් - Video

- දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය ජනපති ගෝඨාභයට උණුසුම් පිළිගැනීමක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,841 Views
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය මංගල රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් ඉන්දියාව බලා පිටත්ව ගියා.
 
මෙම සංචාරයේදී ජනාධිපතිවරයාගේ ධූත පිරිසට අමාත්‍යවරුන් හෝ කිසිදු දේශපාලනඥයෙකු එක්ව නොසිටීම විශේෂත්වයක්.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස ඉන්දියාවේ දෙදින රාජ්‍ය සංචාරයක නිරතවන්නේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.

අද දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි ජනාධිපතිවරයා ප්‍රභූ පර්යන්තයෙන් නොව සාමාන්‍ය මගී පර්යන්තයෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රයට ඇතුළුවීම විශේෂත්වයක්.
 
ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගියේද ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 195 දරණ සාමාන්‍ය ගුවන් යානයෙන්.
 
ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය වන මෙම සංචාරයට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන් එක්ව සිටින අතර, අමාත්‍යවරුන් හෝ කිසිදු දේශපාලනඥයෙකු මෙම සංචාරයට එක් නොවීම විශේෂත්වයක්.
 
හෙට දිනයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන් හිදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීමට නියමිත අතර, ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.
 
අද පස්වරුවේ නවදිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟාවූ ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.
 
මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් එරට MDMK පක්ෂ නායක වයි. ගෝපාල් සාමි හෙවත් වයිකෝ ඇතුළු ආධාරකරුවන් පිරිසක් නවදිල්ලි නුවරදී විරෝධතාවක නිරතව තිබෙනවා.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එහිදී වයිකෝ සමගින් ආධාරකරුවන් පිරිසක් නවදිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  481 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,753 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,780 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,387 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,594 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,612 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,680 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,653 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top