Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
26
හිටපු ඇමති අකිල නිසා ළමුන්ට පාසල් නිල ඇඳුමත් නැතිවෙයි - පසුගිය රජය වගකිවයුතු බව ගුරු සංගම් වළින් චෝදනා Video

- හිටපු ඇමති අකිල නිසා ළමුන්ට පාසල් නිල ඇඳුමත් නැතිවෙයි - පසුගිය රජය වගකිවයුතු බව ගුරු සංගම් වළින් චෝදනා VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

72 Views
පසුගිය රජය නිසි වැඩපිළිවෙළක් සකස්කර නොතිබීම හේතුවෙන් එළඹෙන වසරට නියමිත පාසල් නිල ඇඳුම් ලබාදීම පිළිබඳව ගැටලුවක් මතුව තිබෙනවා.

ඉදිරි වසරට නියමිත පාසැල් නිල ඇඳුම් තෙවන පාසැල් වාරය අවසන් වීමට පෙර ලබා දිය යුතු වුවත් මෙතෙක් ඒවා ලබාදී නැහැ.

ලක්ෂ 43 ක් පමණ වූ පාසැල් දරුවන් සඳහා නිල ඇඳුම් රෙදි ලබාදීම සෑම වසරකම තෙවන පාසැල් වාරය අවසන් වීමට පෙර සිදුකෙරෙනවා.

එහෙත් මේ වසරේ තෙවන පාසැල් වාරය අවසන් වීමට තවත් දින තුනක කාලයක් පමණක් තිබුණද සිසුන්ට මෙතෙක් පාසැල් නිල ඇඳුම් ලැබී නැහැ.
 

ගුරු සංගම් චෝදනා කරන්නේ මෙම ගැටලුවට පසුගිය රජය වගකිවයුතු බවයි.

පාසැල් නිල ඇඳුම් සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව පිළිබඳ කරුණු විමසීමට අප හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

මෙම අර්බුදය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ වත්මන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ පාසැල් දරුවන්ට නිල ඇඳුම් නොලැබීමේ සම්පූර්ණ වගකීම අධ්‍යාපන අමාත්‍යංශය භාරගත යුතු බවයි.

පසුගිය රජය විසින් පාසැල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමට ගෙන ඇති ක්‍රියාමාර්ග තුළ රජයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවට ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත්ව තිබූ බවත්, ඒ අනුව නිල ඇඳුම් හෝ වවුචර් ලබාදෙන්නේද යන්න පිළිබඳව තිරණයන් මෙතෙක් ලැබී නොමැති බව මෙම නිවේදනයේ සඳහන්.

මේ හේතුවෙන් 2020 වර්ෂය සඳහා පසුගිය වසරේ පැවති මිලගණන් යටතේම වවුචර් ලබාදීමට පසුගිය රජය සමයේ අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇතත් ඒ සඳහා තීරණයක් ලැබී නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ගැටලුව පිළිබඳව හෙට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාකර ලබන වසරේ පළමු පාසැල් වාරය ආරම්භයේදීම නිල ඇඳුම් ලබා දීමට කටයුතු කරන බවයි.

එහි සම්පූර්ණ වගකීම තමා භාරගන්නා බව ද අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි.

රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංයුතිය පිළිබඳ අවසන් තීරණයට අද එළැඹීමට නියමිත බවයි.

මේ අතර නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top