මෙවර රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකරගැනීමට හිරු ටී වී සමත්වුණා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (12) පැවති සම්මාන උළෙලේදී 2012 වසරේ දී රූපවාහිනී නාලිකාවන් ඔස්සේ විකාශය වූ වැඩසටහන් සඳහා සම්මාන පිරිනැමුණා. එහිදී පිරිනැමුණු සම්මාන අතුරෙන් වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගත්තේ හිරු ටී.වී. නාලිකාවයි.
ඒ අනුව වසරේ හොඳම ටෙලිනාට්‍යය, හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම කැමරාකරණය, හොඳම ශබ්ද පරිපාලනය, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්‍ෂණය, හොඳම සහය නිළිය, සහ වසරේ කුසලතා සම්මානයක්ද රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී දිනාගනු ලැබුවා. ඊට අමතරව හිරු ප්‍රවෘත්ති අංශයේ දිනන ළමයි වැඩසටහන වසරේ හොඳම ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානයද හිමිකරගනු ලැබුවා.
වසරේ හොඳම ටෙලිනාට්‍යයට හිමි සම්මානය හිමි වූයේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ යකඩ පහන් තිර ටෙලි නාට්‍යයටයි.
අනුරුද්ධ ජයසිංහ වසරේ හොඳම අධ්‍යක්‍ෂවරයාට හිමි සම්මානය දිනාගත්තා. මෙහිදී හොඳම කැමරාකරණයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ චින්තක සෝමකීර්ති විසින්. හොඳම ශබ්ද පරිපාලනය සඳහා වන සම්මානය රංජිත් රූබසිංහ හිමිකරගනු ලැබුවා. තිස්ස සුරේන්ද්‍ර සම්මානයට පාත්‍ර වුණේ වසරේ හොඳම සංස්කරණ ශිල්පියා ලෙසයි. හොඳම සංගීත අධ්‍යක්‍ෂවරයා ලෙස රුවන් වල්පොල සම්මාන දිනාගනිද්දී, හොඳම සහය නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවේ සුලෝචනා වීරසිංහයි. කුසලතා සම්මානය චායා ජයසිංහ දිනාගත්තා.
මේ අතර, වසරේ හොඳම ක්‍රීඩා වැඩසටහන ලෙස රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූයේ හිරු ටීවී ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් ගෙන ආ දිනන ළමයි වැඩසටහනයි.