Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
26
වොලිබෝල් පුහුණු කළ ගුරුවරයාගෙන් අතවරයට ලක්ව ලිපියක් ලියා මියගිය පාසැල් සිසුවියගේ කතාව

- වොලිබෝල් පුහුණු කළ ගුරුවරයාගෙන් අතවරයට ලක්ව ලිපියක් ලියා මියගිය පාසැල් සිසුවියගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58 Views
‘‘මම ඔයාලට ගොඩාක් දුක් දුන්නා, මම මගේ ජීවිතයට වඩා වොලිබෝල් වලට ආදරය කලා, ඒ නිසා අද මෙහෙම අසරණ වෙලා ඉන්නවා ප්‍රැක්ටිස් වලට ගියාම කියන දේවල් කරලා පැත්තකට වෙලා ඉන්නවා මේ සියල්ලටම මුල  මගේ අහිංසක කම ඒ අහිංසකකමින් අර ආත්මාර්ථකාමියා මගෙන් ප්‍රයෝජන ගත්තා ඔයාලා මගේ ජීවිතේ වුන දේවල් වලින් නොදන්න දේවල් ගොඩයි. මම 11 වසරට එනකන් කෙල්ලෙකුගේ ජීවිතේ රැක ගන්න දේවල් තියෙන බව දැනගෙන හිටියේ නැහැ.‘‘

තම අත් අකුරින් පිටු දෙකක් තමන් ගේ පාසැල් ජීවිතයේ තමාගේ  ජීවිතය කාලකන්නියෙකු විසින් කෙලෙසු අයුරු අමිහිරි අත් දැකීම් ලියා තබා පාසැලේ වැසිකිලිය තුලදී ඇට වර්ගයක් සීනි සමඟ කෑමෙන් මියගිය නවෝදා එරන්දී ගේ ලිපියේ ඉහත වදන් කිපය හද කකියවයි.


අම්පාර දිස්ත්‍රික්කයේ පරගහකැලේ ගම්මානය අපේ රටේ ආදී පැරුන්නන් ජීවත් වු ගම්මානයකි. ඉඟිනියාගල සේනනායක සමුදුර ඉදිකීර්මක් සමඟම මෙම ගම්මාන ජනපද බවට පත්විය.

මෙම ගම්මානයේ අනුපවුලකින් ජීවත් වෙන එච්.එම්. ගුණවර්ධන මහතා ද තිදරු පියෙකි. පළමු දියණිය පාසැල් කටයුතු අවසන් කර රුකියාවක් බලාපොරොත්තුවෙන් නිවසේ සිටි ඇය නමින් දිනුෂා දමයන්තිය. දෙවෙනි දියණිය නවෝදා එරන්දීය තෙවෙනි දියණිය කළණි මහේෂිකාය.

දෙවෙනි දියණිය මුලික  අධ්‍යාපනය ලැබුවේ වාවින්නේ පිහිටි පාසැලකය. කුඩා කල සිටම ක්‍රීඩාවට දක්ෂ නවෝදා එරන්දි වොලිබෝල් ක්‍රීඩාවට දක්ෂතාවයන් පෙන්විය. පාසැලේ වොලිබෝල් පුහුණු කරුවෙකු නොමැති නිසා සිවිල් ආරක්ෂක බලකායේ වොලිබෝල් පිලිබඳව දන්නා පුද්ගලයෙකු මෙම දරුවන් පුහුණු කිරීම සදහා පාසැලට පැමිණියේය. විදුහල්පතිතුමාගේ සහ පාසැලේ ආචාර්ය්‍ය මණඩලයේ සහයෝගය මෙහි සදහා ලැබී තිබේ.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. එම විදුහලේ අත්පන්දු කණ්ඩායම පුහුණ විමි සිදුවු අතර කිසිවෙකු නොදත් තවත් දෙයක් සිදුවෙමින් පැවතුනි. අත්පන්දු පුහුණු කිරීමට පැමිණි පුද්ගලයා තවත් කාරණයකට මුල පුරමින් සිටියේය. ඒ අත්පන්දු ක්‍රීඩාවට දක්ෂ නවෝදා එරන්දි තම ග්‍රහණයට අසු කර ගැනීමටය. දිනක් මෙම පුහුණු කටයුතු සිදුකල පුහුණුකරුට නවෝදා එරන්දි සිසුවිය හමුවිය.

 කව්රුවත් නැති අවස්ථාවක්  බැලූ ඔහු පාසැලේ ක්‍රීඩාගාරය තුලදී අහිංසක එරන්දීගේ හිරිමල් යෞවනය උදුරාගත්තේ ඇයගේ අහිංසක කමින් ප්‍රයෝජනය ගනිමින්ය.. කාලය කෙමෙන් ගෙවී ගියේය. මෙම පුහුණුකරුගේ වංචා ආදරයට නවෝදා එරන්දි නතුවිය.  දිනෙන් දින ඔහු දෙන පොරොන්දු අතරේ අහස් මාලිගා තනමින් සිටියේය. මෙම කාලය තුලදී ඇය උසස් අධ්‍යාපනය ලැබීමට අම්පාර නගරයේ පාසැලකට පැමිණියාය. නමුත් මෙම පුහුණුකරු එරන්දිගේ ඇසුර අත් හැරියේ නැත. ඇය තම නිවසේ සිට පාසැලට පැමිනෙන්නේ සිසු සැරිය බස් රථයෙනි. බස් රථයේ රියදුරු හිතවත් කරගත් මෙම පුද්ගලයා අතරමඟදී බස් රථය නවත්වා ගෙන නවෝදා එරන්දි සිසුවිය පාසැල් නිල ඇඳුම සමගින්ම හෝටලයකට රුගෙන ගිය අවස්ථා රුසක් ඇත. දැනට ඉඟිනියාගල පොලීසිය විසින් කරන පරීක්ෂණ වලදීද මෙය තහවුරු වී තිබේ.

කාලය ටිකෙන් ටික ගෙවී ගියේය. මෙම තිරිසන් ගති ඇති මිනිසාගේ ක්‍රියා කලාපය ඇයට අවබෝධවිය. මේ වෙන විටත් ඇයගේ ජීවිතය විනාශ කර අවසන්ය. තමාගේ දුක කියන්නට කෙනෙක්ද් නැත. සමාජයට මුහුණ දිමට ඇති ලැජ්ජාව නිසා ඇය සිය දිවි හානි කර ගැනීමට තිරණය කරන්නට ඇත. එහි අවසන් ප්‍රථිපලය වුයේ  රටට ජාතියට සම්පතක් වීමට සිටි දක්ෂ  දියණියක් අපට අහිමිවිමයි.

එච්.එම්.ගුණවර්ධන පියා
මේ නැති වෙලා ඉන්නේ මගේ දෙවෙනි දුව. එයා වොලිබෝල් ක්‍රීඩාවට හරිම දක්ෂයි. මුලින්ම ගමේ පාසැලට ගිහින් පස්සේ වැඩිදුර අධ්‍යාපනයට නගරයේ පාසැලට ගියා ඉගෙන ගන්නත් දක්ෂයි. මට 10 වෙනිදා පාසැලෙන් කථා කරලා කිව්වා දුවට සනීප නැහැ කියලා එන්න කියලා. මමයි නෝනයි පාසැලට ගියා. යනකොට දැන ගත්තාදුව මල් ඇට කාලා රෝහල් ගත කලා කියලා. අපි ගිහින් බලද්දී දරුවා රෝහලේ හිටියා.

මගේ දුව වොලිබෝල් ක්‍රීඩාවට හරිම දක්ෂයි. ගමේ පාසලේදී ඒ අය පුරුදු කරන්න ග්‍රාමා ආරක්ෂක සේවයේ හිටපු ඉන්දික කියන අය ගමෙමේ විදුහලට ආවා. එයා තමයි මේ සියළු දෙනාටම පුරුදු  කලේ. කෙහොම හරි අපේ දුව සහ මේ අය අතර සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගන්න ලැබුනා.
 පසුව අපි මේ පිළිබදව ඉඟිනියාගල පොලීසියට දැනුම් දුන්නා.
 
 මම මේ පිළිබඳව 2014.05.08 වෙනිදා ඉඟිනියාගල පොලීසියට ගිහින් මේ පිළිබදව කිව්වා. පොලිස් ස්ථානාධිපතිතුමා කිවිවා මේක ගනන් ගන්න එපා කියලා කොළඹ නම් ඕවා ගනන් ගන්නේ නැහැ කිව්වා. අපේ පැමිණිල්ල භාර ගත්තේ නැහැ, ඉතින් අපි දන්නේ නැහැ මොනවද කරන්නේ කියලා. එදා අපි කිව්ව දේවල් පොලීසිය ඉටු කරා නම් අදත් මගේ දරුවා ජීවිත් වෙනවා. යැයි කදුළු  පිරි දෙනතින් පැවසීය.

කමණි රාජපක්ෂ  විදුහල්පතිනිය
මම මේ පාසැලට ඇවිල්ලා සතියක් වෙනවා. මේ සිද්ධිය දැන ගත්ත වෙලාවේ මම පන්ති භාර ගුරුතුමිය සමඟ ඉතා ඉක්මනින් මේ දරුවා අම්පාර මහ රෝහලට යැවිවා. රොහලේදී දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. ප්‍රථිකාර ලබමින් සිටියදී තමයි මේ දරුවා මිය ගියේ. අපි ඇයගේ පොත් බෑගය බලද්දී එකේ ලියුමක් සහ ජංගම දුරකථනයක් තිබුණා. ඒ ලියුමේ තියෙන දේවල් වලින් මේ  සිදුවිම පිලිබදව අපිට හිතා ගන්න පුලුවන් වුණා. මේ සිදුවිම ඉතාම කණගාටුදායකයි. මේ දරුවා අපේ විදුහලේ හිටිය දක්ෂ දරුවෙක්.  ක්‍රීඩාවට වගේම ඉගෙන ගන්න හරිම දක්ෂයි. හැබැයි මේ දරුවාට මේ අතවරය වෙලා තියෙන්නේ අපේ විදුහලේදී නෙවෙයි.  මෙවැනි දේවල් වැළැක්වීම සදහා අපි සියලු දෙනා වගකීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් කරුණක් වෙනවා.

අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සුනිල් ගුණතිලක මහතා
පාසැලක සිසුවියක් සිය දිවි හානි කරගෙන තියෙනවා  කියලා අපිට වාර්තා උනා. අපි මේ ගැන හොයා බැලුවා. මෙම දරුවා මූලිකව ඉගෙන ගත්ත විදුහලේ භාහිර පුහුණුකරුවෙක්. මා මේ තනතුරේ සිටියදී අරගෙන නැහැ. මම පැමිණීමට කලින් තමයි මේ පුහුණුකරුවෙක් හැටියට පුද්ගලයෙක් කටයුතු කරලා තියෙන්නේ. මේ සිදුවිම ඉතා කණගාටුදායකයි. මින් ඉදිරියට පාසැලේ කිසිම පුහුණුවකට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව කිසිම පුද්ගලයෙක් ඇතුල් නොකර ගන්නා ලෙසට විදුහල්පතිවරුන්ට උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම මම දෙමව්පියන් ගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ දරුවන් පිලිබදව දැඩි අවධානයකින් ඉන්න කියලා.

කෙසේ වෙතත් කාගේ කාගේත් නෙසැලිකිලිමත් භාවය නිසා රටට වැඩදායි දරුවෙකු අකාලයේ අවසන් ගමන් ගියේ සැමදෙනාගේම නෙත් වලට කදුළු ගඟක් එක් කරමින්.ය මෙම සිදුවිමිත් සමඟම ඇරඹුණු පොලිස් පරීක්ෂණ සමඟින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබේ. තමන්ගේ  දරුවා පමණක් දරුවා යැයි සලකන සලකන සමාජයක් තුල මෙවැනි සිදුවීම් හෙට දිනයේද අපට අසන්නට දකින්නට  ලැබීමට හැකිය. මෙවැනි දේවල් අප සමාජය තුලින් නැති කිරීමට නම් අප සියලු දෙනා අවධියෙන්ම සිටිය යුතුව ඇත.

අම්පාර වසන්ත චන්ද්‍රපාල
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top