කා අතරත් ප්‍රියමනාප පුද්ගලයෙකු වූ ඔහු තම සේවකයින්ට සහෝදරත්වයෙන් සැලකුවා.
ඒ නිසාම මෙහි සේවකයන් හා හිමිකරු අතර කිසිදු ගැටුමක් තිබුණේ නැහැ. සේවකයෝ සතුටු සිතින් තම කාර්ය ඉටු කළා.
අවන්හල හිමිකරු එහි කොත්තු රොටී සාදන්නා සමඟ ඡන්ද ඔට්ටුවක් අල්ලන්නේ එනිසාමයි.
අවන්හල හිමිකරු කියා ඇත්තේ හංසයාට ජය ලැබෙන බවයි. එසේ නොවුණහොත් තමන් සතියක් පුරා කොත්තු ගසන බවත්, අවන්හලේ කැෂියර් ලෙස කොත්තු රොටි බාස් සතියක කාලයක් සඳහා පත් කරන බවයි.
කොත්තු බාස් පවසා ඇත්තේ පොහොට්ටුව ජයගන්නා බවයි. පරාජය වුවහොත් සතියක් පඩි රහිතව කොත්තු සාදන බවයි.
අවසානයේ අවන්හල් හිමිකරු පරාජයට පත් වී තිබෙනවා.
ඡන්ද ඔට්ටුව අනුව පසුදාම කොත්තු බාස් කැෂියර් පුටුවේ වාඩි වුනා.
අවන්හල හිමිකරු කුස්සියේ මුල්ලකට වී කොත්තු රොටි ගසන වැඩේ මේ දිනවල කරනවලූ.