Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
22
"සමාවෙන්න අම්මේ, මම දැන් ලොකු කොල්ලෙක්. මේ ගමන මම තනියෙන්ම යන්න ඕන.." - රැප් ගායනයෙන් ලොවක් වසඟ කළ සුපිරි ගායකයා Eminemගේ ඔබ නොදත් කතාව - Photos

- "සමාවෙන්න අම්මේ, මම දැන් ලොකු කොල්ලෙක්. මේ ගමන මම තනියෙන්ම යන්න ඕන.." - රැප් ගායනයෙන් ලොවක් වසඟ කළ සුපිරි ගායකයා Eminemගේ ඔබ නොදත් කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40 Views
සීතල හෝ උණුසුම වුණත් කුණාටු මැදින් අපි මේ පාර දිගේ එකට යමු..
අවස්ථාවට ලිස්සා යන්න ඉඩ දෙනවාද නැත්නම් ඔබ එය අල්ලා ගන්නවාද..
කාගෙවත් අඩි පාරේ නොයා මගේම පාරක් මම නිර්මාණය කරනවා..
 
ඒ පද පෙළ සිහිනයක මුල් අවධියේ ඉන්න හෝ සිහිනයක මුල් අදියර පසු කළ ඕනෑම කෙනෙක්ට දැනෙන දෙයක්.
 
සාමාන්‍ය ජීවිතයෙන් බැහැරව තරමක දුර සිහිනයක් හඹා යද්දී, එය අත්හරින්න හිතෙන වාර අපමණයි. ස්ටීව් ජොබ්ස් නිතරම පැවසුවේ සිහින සැබෑ කරගන්නන් සහ නොකරගන්නන් අතර වෙනස “අත්හැරීම” යන කරුණ මත තීරණය වෙනවා කියලා.

මාර්ෂල් බෘෘස් මේතර් III හෙවත් එමිනෙම් (Eminem) ජීවිත කතාව යම් තරමක් දුරට පදනම් කරගෙන නිර්මාණය කළ 8 Miles සිනමාපටයේ ඇතුළත් 8 Miles නම් ගීතයේ මුල් පද පෙළේ සරල පරිවර්තනයක් තමයි ඔබ මුලින්ම කියෙව්වේ.
 
කළු ජාතික පවුල් වැඩිපුර වෙසෙන පෙදෙසක පියා හැරගිය නිවෙසක මත්පැන් පානය කරන මවක් සමඟ සුළු රැකියාවක් කරමින් කාලය ගත කරද්දි ඔහු කළු ජාතිකයන්ට උරුම වුණු සංගීත ශෛලියක් ලෙස සැලකෙන Hip Pop සංගීත කලාවට ප්‍රිය කරනවා.
 
සිරුරේ කුඩා පෙනුම හා කළු ජාතිකයන් බහුල පෙදෙසක සුදු ජාතිකයෙක් වීම මත ඔහු පාසලේදී මෙන්ම සමාජයේදී ද අවමානයට ලක්වෙමින් ක්‍රමිකව වර්ධනය වෙනවා. ඒ අවමානය සහ සමච්චල් කිරීම හේතුවෙන් ඔහු කුඩා කල හුදකලා දරුවෙක් ලෙස හැදෙන්නේ මහා සිහිනයක් මෙන්ම අසීමිත වේදනාවක්ද හිතින් දරාගෙන.
 
කතා කිරීම සහ කතා ඇඳීමට ඔහු වඩාත් ප්‍රිය කරන නිසාම ඔහු කුඩා කාලයේ සිහින මවන්නේ චිත්‍ර කතා ශිල්පියෙක් වෙන්න. එහෙත් අවසානයේ ඔහුගේ වේදනාව පිට කරන්න හොඳම ක්‍රමය තරමක් අමු සහ තවත් විටෙක කලහකාරී මෙන්ම තවත් විටෙක ඉතා විවෘත Hip Pop සංගීත කලාව යොදා ගන්නවා.
 
මම අලුත් සැලසුමක් හදනවා
මට නැඟිටින්න කාලය හරි
මම අලුත් පෙදෙසකට යනවා
මේක තමයි කාලය
මේ හැමදේම මගේ අතට ගන්න..
 
ඔහුගේ රැප් ගීත තුළ විටෙක ස්ත්‍රීන්ට පරුෂ වචනයෙන් බැන වැදීම සහ ආවේගශීලීව අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහු මොන තරම් විවේචනයට ලක්වුණත්, ඔහු ගීත අලෙවිය සඳහා ලිංගිකත්වය, බොළඳ පද රචනා සහ ගරිල්ලා මාර්කටින් උපක්‍රම යොදාගන්නා ගීත මුදලාලිලාගෙන් වෙනස් වී ජනප්‍රිය සංස්කෘතියක තුළ සිය සලකුණක් නිර්මාණය කරනවා.
 
රෝලින් ස්ටෝන් සඟරාව නම් කරන 100 Greatest Artists of All Time ලැයිස්තුගත කිරීමේ 83 වැනි තැන සිටිනවා. එසේම ඔහුගේ ගීත ඇල්බම් ලක්ෂ 1720ක් විකිණී අවසානයි. You tube ඔස්සේ ඔහුගේ ගීත නරඹා ඇති වාර ගණන බිලියන නවයක්. 2003 වසරේදී 8 Miles සිනමා පටයේ තේමා ගීතය වැනි Lose Yourself ගීතය සඳහා සම්මාන ලොව කිරුළ හිමි ඔස්කාර් සම්මාන උළෙලේදී Academy Award for Best Original Song සම්මානය ලැබීම ඓතිහාසික සන්ධිස්ථානයක්.
 
ඔස්කාර් සම්මානයක් ලැබූ පළමු රැප් ගීතය වන්නේ ද එයයි. සම්මානය තමන්ට නොලැබෙයි කියලා හිතුව එමිනෙම් සම්මාන උළෙල පැවැත්වෙන මොහොතේ සිටියේ දියණිය සමඟ කාටුන් නරඹමින්. ඔහු වෙනුවෙන් සම්මානය භාරගත්තේ වෙනත් අයෙක්.
 
හරියටම මම දන්නවා
මම යන්නේ කොහෙද කියලා
සමාවෙන්න අම්මේ,
මම දැන් ලොකු කොල්ලෙක්
මේ ගමන මම තනියෙන්ම යා යුතුයි
කාගෙවත් අඩි පාරේ නොයා
මගේම පාරක් මම නිර්මාණය කරනවා..
 
එමිනෙම්ගේ ජීවිතය අපට සාර්ථක ද අසාර්ථකද කියලා අර්ථකථනය කළ නොහැකියි. එහෙත් ඔහු සංගීතය නම් කලාව තුළත්, සංගීතය නම් ව්‍යාපාර කර්මාන්තය තුළත් කාටවත් ලෙහෙසියෙන් තැබිය නොහැකි සලකුණක් නිර්මාණය කළා.
 
එය අනුකරණයක් නොවී ඔහුගේම නිර්මාණ වීම ඒ සලකුණ තබන්න ප්‍රමුඛ හේතුව වුණා. එසේම ඔහු කලාකරුවෙක් කරන්න එය බලපෑවා. තනිවුණු ළමා කාලය, පියාගේ අහිමිවීම, මව සමඟ ගෙවූ කලහකාරී ජීවිතය, එකම කාන්තාව දෙපාරක් විවාහ වී දෙපාරක් දික්කසාද වී අවසානයේ දරුවා සමඟ තනිවීම සේම කාලයක් මත්ද්‍රව්‍යවලට දැක්වූ දැඩි ඇබ්බැහිවීම වැනි ජීවන අත්දැකීම් රැසක වේදනාව සහ ඒ වේදනාවෙන්ම උපන් අභිප්‍රේරණය ඒ සංගීතය තුළ ඇතුළත්.
 
මම බය නැහැ
නැඟී සිටින්න මම බය නැහැ
එන්න සැවොම
මගේ අත් අල්ලා ගන්න
සීතල හෝ උණුසුම වුණත්
කුණාටු මැදින්
අපි මේ පාර දිගේ එකට යමු..
 
එමිනම් ගායනා කරන Rap King ගීතය විනාඩි 6යි තත්පර 04ක් තුළ වචන 1560ක් (තත්පරයකට වචන 4.28ක්) ගායනා කරමින් ගිනස් වාර්තාවක් තැබීම එක අතකින් පුදුමයක් නෙවෙයි. එය අසීමිත පුහුණුවක ප්‍රතිඵලයක්. එය පැය 10,000ක පුහුණුව තරුණ කාලයේම සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵලයක්.
 
ඔහු ශබ්දකෝෂය කටපාඩම් වන තරමට එය නැවත නැවත කියැවූ බවත් කාලයක් අවන්හලේ සේවය කරද්දී ආහාර වට්ටෝරු ලයාන්විතව ගයන්න පුරුදු වුණු බවත් දිනකට පැය 18කට ආසන්න කාලයක් වැඩ කළ බවත් රහසක් නෙවෙයි.
 
මේ කතාව එමිනෙම්ගේ Lose Yourself ගීතයේ පද පෙළකින් අවසාන කරන්න කැමැතියි. අවසානයට මෙහෙම කියන්න කැමැතියි. එමිනෙම් අමතක කරන්න. ඒත් ඒ ගීතවල ඇති බොහෝ වචනවල සාරය හිතට ගන්න.
 
බලන්න
කිසියම් එක් මොහොතක
ඔබට ජීවිතයේ අවශ්‍ය හැමදේම
එකවර ලැබෙන
අවස්ථාවක් ඔබට ලැබුණොත්
ඔබ ඒ අවස්ථාවට ලිස්සා යන්න ඉඩ දෙනවාද
නැත්නම් ඔබ එය අල්ලා ගන්නවාද
 
කැලුම් වැලිගම
මව්බිම


 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top