අද සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව නැගෙනහිර, උතුර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකියි.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.