නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දීමට නියමිතයි.
ඒ අනුව අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇති.
නව ආණ්ඩුව මීලඟ මහ මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුවක් ලෙස කටයුතු කරන අතර, එහි කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති බවටයි වාර්තා වන්නේ.
නව කැබිනට් මණ්ඩලයට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පත්වීමට නියමිතව තිබෙනවා.
මේ පිළිබඳව ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතරද සාකච්ඡා පැවැත්වුණා.