Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
21
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි - Video

- නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57 Views
මෙරට 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ අද දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා.

විධායක ජනාධිපති ධූරය, අග්‍රාමාත්‍ය ධූරය සහ විපක්ෂ නායක ධූරය යන තනතුරු තුනම අවස්ථා දෙක බැගින් දැරූ මෙරට පළමු දේශපාලනඥයා ලෙසයි ඔහු ඉතිහාසයට එක්වන්නේ.

දිවුරුම්දීම සඳහා අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයට පැමිණියේ හුණුපිටිය - ගංගාරාම විහාරස්ථානයට ගොස් ආශීර්වාද ලබා ගැනිමෙන් අනතුරුවයි.

දිවුරුම් දීමේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, දහවල් 1.08ට යෙදුනු සුබ මොහොතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා.

අනතුරුව පස්වරු 4.16 ට යෙදුනු සුබ මොහොතින් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඔහු සිය ධූරයේ වැඩ භාර ගත් අතර එහිදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභය තිස්ස හිමියන් මෙලෙස අනුශාසනාවක් සිදුකළා.  

1970 වසරේදි බෙලිඅත්ත ආසනයෙන් පාර්ලිමේන්තුවට පිවිසි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 1994 වසරේ පිහිටවූ පොදුජන පෙරමුණු රජයේ කම්කරු හා වෘත්තිය පුහුණු අමාත්‍යවරයා ලෙසත්, පසුව ධීවර අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා.

2001 වසරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදී විපක්ෂ නායක ධූරය හෙබවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 2004 දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වනවා.

අනතුරුව, 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් 5 වන විධායක ජනාධිපති ධූරයට පත්වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 30 වසරක කුරිරු යුද්ධයෙන් එල්.ටී.ටී.ඊ ය පරදවා ත්‍රස්තවාදයෙන් රට මුදා ගනිමින් රටට සැබෑ නිදහස උදාකරලීමට නායකත්වය ලබා දුන්නා.

අනතුරුව, 2010 වසරේදී යලි ජනාධිපති ධූරයට පත්වන ඔහු 2015 වසරේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වනවා.

කෙසේ වෙතත්, ජනතා ඉල්ලීම මත කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යලි පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ කරගනිමින්.

2018 වසරේ ඔක්තෝම්බර් 26 වනදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉල්ලීම මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යලි දෙවන වරට අග්‍රමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලැබුවා.

පසුව යලි විපක්ෂ නායක ධූරයට පත් වූ ඔහු තම සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර දීමට ඉමහත් කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා.

එම ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ අද දිවුරුම් දුන්නේ භාරකාර ආණ්ඩුවේ  අග්‍රමාත්‍යවරයා ලෙසින්.

ඉන් උද්දාමයට පත් ජනතාව ගිනිකෙලි දල්වමින් රට පුරා සතුට සමරනු ලැබුවා. 
 
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට විදෙස් රාජ්‍ය නායකයින් සුබ පැතුම් එක්කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ දෙරට අතර, සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කරමින් සබඳතා ඉදිරියටත් පවත්වා ගෙන යාමට සූදානම් බවයි.

අග්‍රාමාත්‍යවරයාට සුභ පැතුම් එක්කරමින් නේපාල අග්‍රාමාත්‍ය කේ.ඒ.ෂර්මා  ඕලි ද, ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කළා. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද දුරකථනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කළ අතර, ඔහු පාකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙසට ද අග්‍රාමාත්‍යවරයාට ආරාධනාවක් සිදුකර තිබෙනවා.

මේ අතර, නව අග්‍රමාත්‍ය ලේකම්වරයා ලෙස හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් පත් කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top