Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
21
"වෙඩි තිබ්බ වෙලාවෙත්, එයාට යන්තම් පණ තිබුණා.." - මුළු ලොවම කම්පා කරමින් සමූහ දූෂණයකට ලක් කර මරා දැමූ සංක්‍රාන්තික ලිංගික තරුණියක් වූ බ්‍රැන්ඩන් ටීනාගේ සංවේදී කතාව - Photos

- "වෙඩි තිබ්බ වෙලාවෙත්, එයාට යන්තම් පණ තිබුණා.." - මුළු ලොවම කම්පා කරමින් සමූහ දූෂණයකට ලක් කර මරා දැමූ සංක්‍රාන්තික ලිංගික තරුණියක් වූ බ්‍රැන්ඩන් ටීනාගේ සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

64 Views
කුඩා කාලයේදී සහෝදරියත්, ඇයත් මාමා කෙනෙකුගේ අතවරයට ලක්වෙලා..
සංක්‍රාන්තික වූ නිසාම පාසලෙන් සහ ළමයින්ගෙන් සිදුවූ වදහිංසා..
නොසිතූ මොහොතක පාපතරයින් සමූහයකගෙන් සමූහ දූෂණයට ලක් වූ හැටි..
 
ඇමරිකාවම කැළඹූ ඝාතන සිද්ධියක් වූ බ්‍රැන්ඩන් ටීනාගේ ඝාතනය ගැනයි මේ කතාව.
 
නමුත් මේ කතාවේ ප්‍රධාන චරිතය, සාමාන්‍ය කෙනෙක් නම් නෙවෙයි, සංක්‍රාන්තික කෙනෙක්. ඒ කියන්නේ තමන්ගේ ලිංගික අනන්‍යතාවය සඟවාගෙන ජිවත් වුණූ කෙනෙක්.

මේ ඝාතනය පදනම් වෙලා 1999 වර්ෂයේදී BOYS DON'T CRY නමින් චිත්‍රපටියක් නිර්මාණය වෙනවා. (ඔබට ඒක අන්තර්ජාලයෙන් සෙවුම් කරන්න පුළුවන්.)
 
සංක්‍රාන්තික ලිංගික තරුණියක් වුණු ඇයව අමානුෂික විදිහට දූෂණයට ලක් වෙනවා පිරිසක් අතින්.
 
ඇමරිකාවේ Nebraska හි දී 1972 දී තමයි ටීනා මෙලොව එළිය දකින්නේ.
 
ජිව විද්‍යාත්මකව ටීනා කියන්නේ ගැහැණු කෙනෙක්. පස්සේ ක්‍රමයෙන් ඇය පිරිමියෙකු සේ හැසිරෙන්න පටන් ගන්නවා. ඇය ඉපදෙන්න මාස 8කට කලින් ඇගේ පියා මිය යනවා. ටීනාට එයාගේ නම එන්නේ එයාලගේ පවුලේ ඇති කරපු සුරතල් සුනඛයාගෙන් පස්සේ.
 
ටීනාට තවත් සහෝදරියක් හිටියා ටැමී කියලා. මොවුන් ජිවත් වුණේ ටීනාගේ ආච්චි අම්මට හම්බවුණ දෘෂ්‍යාබාධිත අරමුදල් වලින්.
 
ටීනා හා ටැමි ඇගේ මාමා විසින් කුඩා කාලයේ ඉඳලම ලිංගික අතවරයට ලක් කරලා තියනවා. මේක ටික කාලයක් නෙවේ, අවුරුදු ගණනාවක්. මේ නිසාම මානසික පීඩාවට පත් වුණූ ටීනාට කාගේ හරි අනුශාසනා අවශ්‍ය වුණා.
 
ඒ නිසාම ඇය තීරණය කරනවා, චිකිත්සකවරයෙක් ගාවට යන්න. 1991 දී තමයි ඇය මේ විදිහට චිකිත්සකවරයෙක් හමුවීමට මුල්වරට යන්නේ.
 
ඇත්තටම ටීනා හිතින් හිතාගෙන ඉඳලා තියෙන්නේ තමන් "පිරිමියෙක්" බවයි. ඒ නිසාම ටීනා පාසලේදී ගැහැණු ළමයින්ට ආදරේ කරලත් තියනවාලු. හැබැයි ටීනාගේ මාමා නම් මේ දේවල් වලට කැමති වෙලා නැහැ.
 
ඔහු නිතරම ටීනාව තමන්ගේ දියණියක් එහෙම නැත්තම් ගැහැණූ ළමයෙකු විදිහටයි ඇයව සලකලා තියෙන්නේ.
 
කොහොම වුණත් ටීනා විටෙක තමන්ගේ පාසලේ කතෝලික පූජකතුමා එක්කත් විවාදෙට ගිහින් තියනවා. ඇය ක්‍රිස්තියානි ආගම තදින්ම ප්‍රතික්ෂේප කරනවා. බයිබලය තුළ "සමලිංගිකත්වය" පාපයක් විදිහට සලකන එක ගැනයි ටීනා මේ විදිහට වාද විවාදවල පැටලුනේ.
 
පසුකාලීනව උසස් අධ්‍යාපනය ලබන අතරතුර ටීනාට ආසාවක් ඇති වෙනවා හමුදාවට බැඳෙන්න. ටීනා ඇගේ නම එතැනට දෙන්නේ පිරිමියෙක් විදිහටයි. මෙයා කොහොම හිතුවත්, ඇය ජීව විද්‍යාත්මකව ගැහැණු කෙනෙක් හින්දා ඇය සම්මුඛ පරීක්ෂණය අසමත් වෙනවා.
 
ටීනා තමන්ගේ පියයුරු තද කරලා පිරිමියෙක් වගේ ඇඳලා පිරිමින් කරපු දේම කරලා තියනවා. 18 වියේ ඉද්දි අවුරුදු 13ක දැරියක් එක්කත් ටීනා ආදරය කරපු බව තමයි කියන්නේ.
 
ටීනා එන්න එන්නම පිරිමියෙක් වගේ අඳින්න ගත්තා. ඒ නිසාම පන්තියේ අනිත් අය ටීනාව විහිලුවට ගත්තා. ඇයට විවිධ ඇනුම් පද කියන්න ගත්තා.
 
මේ හේතූන් නිසාම අන්තිමේ එයාව උසස් පාසලෙන් නෙරපා හරිනවා.
 
තමන්ට කිසිම පිහිටක් නැතිවෙද්දි ටීනාගේ මව ටීනාව නැවතත් මනෝ චිකිත්සකවරයෙක් ළඟට යද්දි ඔහු කියනවා, "ටීනාට තමාගේ ලිංගිකත්වය හරි හැටි හඳුනා නොගැනීමේ ප්‍රශ්නයක් තියනවා.." කියලා.
 
සති දෙකක් විතර මේ විදිහට ටීනා මනෝ චිකිත්සකවරයා ගාවට යනවා. ඒ අතරතුරදී තමයි තමන් කුඩා කාලයේ දූෂණයට ලක් වූ කතාව ඇය විසින් චිකිත්සකවරයාට මුල්වරට හෙළි කරන්නේ.
 
ඒ සිදුවීම්, ලිංගික වද හිංසා ඇයට කොපමණක් බලපෑම් කළාද කිවහොත් ඇය මේ විදිහට පිරිමියෙක් වෙන්න හීන මවන්න ඇත්තේ කුඩා කාලයේ ඇගේ අත්දැකීම් නිසාම වෙන්න ඇති කියලා වෛද්‍යවරුන් අනුමාන කරනවා.
 
කොහොම වුණත්, අවසානයේ ටීනා Nebraska කියන ප්‍රදේශයට සංක්‍රමණය වෙනවා.
 
එයා එහෙදි ලැනා ටිස්බෙල් කියලා අවුරුදු 18 කෙල්ලක් එක්ක හාද වෙනවා.
 
ටීනා නවාතැන් ගන්නේ ලැම්බට් කියලා පුද්ගලයෙකුට අයිති නිවසක. ඇත්තෙන්ම ඇගේ සම්පූර්ණ ජිවිතයම කණපිට හැරෙන්නේ ඇය මේ ආපු ගමනත් සමඟමයි.
 
ටීනා මෙහේදි ජෝන් ලෝටර්, නිසෑන් නම් වූ පුද්ගලයින් දෙන්නෙක් ආශ්‍රය කරන්න පටන් ගන්නවා. මේ අය කලින් විවිධ චෝදනාවලට ලක් වී සිරගත වූවන් බවයි කියන්නේ.
 
මේ අතරතුර තමයි ටීනා, ව්‍යාජ චෙක්පත් සැදීමේ වරදට සිරගත වෙන්නේ. ඒ 1993 දෙසැම්බර් 19 වැනිදා.
 
ටීනාව අත්අඩංගුවට අරන් දාන්නේ කාන්තා බන්ධනාගාරයට.
 
ටීනාගේ පෙම්වතිය වුණු ලැනා ටීනා ගැන බොහෝ තොරතුරු දැනගෙනයි හිටියේ.
 
ටීනා දූෂණයට ලක්වෙන්නේ මේ සිදුවීම් ඉවරවෙලා හුඟ දවසකට පස්සේ. ජෝන් ලෝටර්, නිසෑන් කියන පුද්ගලයින් දෙදෙනා සහ තවත් පිරිසක් එකතු වෙලා තමයි ටීනාව දූෂණයට ලක් කරන්නේ. මේ දෙයින් කම්පනයට පත් වෙන ටීනා තීරණය කරනවා, පොලිසියට මේ ගැන කියන්න. එහෙම වුණත්, පොලිසිය ඇයව නොසලකා හැර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඇයට පොලිස් නිලධාරින් බොහෝම කැත විදිහට කතා කරලා, ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න අහලා ඇයව අපහසුතාවයට පත් කරනවා. කොහොම වුණත් ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා පොලිසිය අපරාධකරුවන් කිසිම කෙනෙක්ව අත්අඩංගුවට ගන්නේ නැහැ.
 
ටීනාගේ ජිවිතේ අවාසනාවන්තම දවස වුණේ 1993 දෙසැම්බර් 31 වැනිදා. ජෝන් ලෝටර්, නිසෑන් විසින් ඇයව ඝාතනය කරන්නේ ඒ දවසේවදියි. ඒ වෙද්දි තමන් සහ තමන්ගේ මිත්‍රයින් ගැන පොලිසියට පැමිණිලි කළා කියලා ඔවුන්ට දැන ගන්න ලැබෙන්නට ඇති. මේ දෙන්නා ටීනාටත් ඇගේ නිවසේ භාරකරු ලැම්බට්ටත්, තවත් පුද්ගලයෙකුටත් කුඩා දරුවෙක් ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කරනවා.
 
නිසෑන් තමන්ගේ පාපොච්චාරණයේදි කියනවා, වෙඩි තියපු මොහොතේදිත් ටීනාට පණ තිබ්බා කියලා. ඒ නිසාම මේ දෙන්නගෙන් එක් අයෙකු ටීනාගේ පපුවට ඇනලා අන්තිම ගමන යවනවා.
 
ටීනා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කළ වරදට ජෝන් ලෝටර් සහ නිසෑන් ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ලබනවා. ඔවුන් අවස්ථා කිහිපයකදී අභියාචනා ඉදිරිපත් කර තිබුණත්, ඒ සියල්ලම ප්‍රතික්ෂේප වෙලා තියනවා.
 
ලොව පුරා "සමලිංගික" යැයි හංවඩු ගැසූ පුද්ගලයින් බොහෝ දෙනෙකු මේ කතාන්දරය ඉදිරියේ සංවේදී ප්‍රතිචාර දක්වනවා. කොහොම වුණත් මේ කතාව පාදක කරගෙන නිර්මාණය කළ චිත්‍රපටයත් බොහෝ පිරිසකගේ ඇගයීමට ලක්වුණූ බවයි දැනගන්න ලැබෙන්නේ.
 
Credit>>> Tech වැද්දා

සමූහ දූෂණයට ලක්ව ඝාතනය වූ බ්‍රැන්ඩන් ටීනා (පහත ඡායාරූප බලන්න.)


 
බ්‍රැන්ඩන් ටීනා සිය පෙම්වතිය වූ ලැනා ටිස්බෙල් සමඟ (පහත ඡායාරූප)


 
ටීනාව සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කළ ජෝන් ලෝටර් සහ නිසෑන්ගේ ඡායාරූප පහතින්...


 
ටීනාගේ සත්‍ය කතාව පාදක කරගෙන නිර්මාණය වූ BOYS DON'T CRY චිත්‍රපටයේ දර්ශණ කිහිපයක් පහත ඡායාරූපවලින් බලන්න.


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top