ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේදී ජනපති ධුරයේ දිවුරුම්දීම පිළිබඳව බෙහෙවින් අගය කරන බව බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ සියලූ රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡුනය ස්ථාපිත කිරීමට පියවර ගැනීම අතිශය ප්‍රශංසනීය පූර්වාදර්ශයක් බවයි.
රටට ආදරය කරන රට ගැන ආඩම්බර වන, රට ගැන නිවැරදි දැක්මක් ඇති ජනාධිපතිවරයාට තුන්රුවනේ රැකවරණය ලැබේවායි ප්‍රාර්ථනය කරන බවද බුද්ධශාසන කාර්ය මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණා.
එම කාර්ය සාධක මණ්ඩලයේ සභාපති පූජ්‍ය දිවියාගහ යසස්සි හිමියන් සහ එහි සම ලේකම්වරුන් වන පූජ්‍ය ත්‍රිකුණාමලය ආනන්ද හිමියන් සහ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබුණා.