රට පුරා ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි විමසිලිමත්ව කටයුතු කරන ලෙසටත්, ආරක්ෂක ලේකම්වරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ ඒ ප්‍රදේශවල ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, වගකිව යුතු බවටත්, වැඩබලන පොලිස්පතිවරයා මගින් උපදෙස් ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ජනාධිපතිවරයාගේ දර්ශනය පරිදි ජාති භේද, ආගම් භේද සහ පක්ෂ භේදවලින් තොරව සැමට සාමකාමීව ජීවත්විය හැකි වාතාවරණයක් රට තුළ පවත්වාගෙන යෑමට සියලූ විධිවිධාන යොදා ඇති බවද එහි සඳහන්.
යම් හෙයකින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සාමය කඩවන පරිදි ක්‍රියාකළහොත් ඔවුන්ගේ තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ආරක්ෂක අංශ දැනුවත් කොට ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ.