Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
20
පහුගිය ආණ්ඩුව සමයේදී මහා සංඝරත්නය අපහාසයට ලක්වුණා - මේ උදාවෙලා තියෙන්නේ සෞභාග්‍යමත් කාලයක් - ජනපති ඉදිරියේදී මහා නාහිමිවරු කියයි - Video

- පහුගිය ආණ්ඩුව සමයේදී මහා සංඝරත්නය අපහාසයට ලක්වුණා - මේ උදාවෙලා තියෙන්නේ සෞභාග්‍යමත් කාලයක් - ජනපති ඉදිරියේදී මහා නාහිමිවරු කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තා.

ඒ, රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් අනතුරුව දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගැනීමේ සාම්ප්‍රදායික චාරිත්‍රයට අනුවයි.

පෙරවරු 10.20 ට පමණ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගනු ලැබුවේ මහනුවර නගරාධිපති කේසර සේනානායක විසින්.

එහිදී ජනාධිපතිවරයා දැකබලාගැනීමට විශාල පිරිසක් එම ස්ථානයට එක්රැස්වී සිටියා.
 

රතු පළස මතින් ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසට පැමිණි ජනාධිපතිවරයා, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ සතර මහා දේවාලවල නිලමේවරුන් විසින් සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවා.

දියවඩන නිලමේවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දළදා සමිඳුන් වැඩ සිටින මාලය වෙත කැඳවාගෙන යනු ලැබුවේ ඉන් අනතුරුවයි.

දළදා සමිඳුන් වැඳ පුදාගෙන පිටතට පැමිණි ජනාධිපතිවරයා එම ස්ථානයේ රැස්ව සිටි ජනතාව අතරට ගොස් ඔවුන් සමඟ සුහද පිළිසඳරක යෙදීමටද අමතක කළේ නැහැ.

අනතුරුව ජනාධිපතිවරයා දළදා මැදුරේ අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් තැබුවා.

මෙහිදි ජනාධිපතිවරයා වෙත දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සමරු තිළිණයක්ද පිළිගන්වනු ලැබුවා.

අනතුරුව ප්‍රථමයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහනුවර - මල්වතු මහා විහාරයට පැමිණියා.

එහිදී මහා සංඝ රත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සෙත් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද කළා.

එහිදී මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් අනුශාසනාවක් සිදුකරනු ලැබුවා.

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අස්ගිරි මහා විහාරය වෙත පැමිණ මහා විහාර මංගල උපෝසථාගාරයට ද පැමිණි අතර, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මැණික්හින්න - හූරිකඩුව - ශ්‍රී විද්‍යා සාගර පිරිවෙණට පැමිණ රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගෙන් ආශිර්වාද ලබාගත්තා.

පසුව ජනාධිපතිවරයා ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමයට ගොස් රාමඤ්ඤ නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top