Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
20
"එතකොට මිනිහා දැකලා තියනවා, දුවගේ කනේ කරාබු දෙක නැති බව.." - ගෙල වැළලාගෙන මිය ගිය බවට පැවසූ එක්දරු මවගේ මරණය ගැන වෙනස් කතාවක් එළියට ආ හැටි

- "එතකොට මිනිහා දැකලා තියනවා, දුවගේ කනේ කරාබු දෙක නැති බව.." - ගෙල වැළලාගෙන මිය ගිය බවට පැවසූ එක්දරු මවගේ මරණය ගැන වෙනස් කතාවක් එළියට ආ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views
"පුතා ගෙදර හිටියේ නැහැ. ඇතුළට යද්දි ලේලි සාලය මැද බාල්කයක එල්ලිලා හිටියා.."
"අපි සාරි ගැටේ ලිහලා එයාව ත්‍රිවිලර් එකෙන් ඉස්පිරිතාලේ අරගෙන ගියා.."
"ගැටේ ගහලා එල්ලිලා තියෙන්නේ පොළවේ මට්ටමෙන් අඩි භාගයක් විතර උසින්..."
 
ඒ ඉකුත් දා ඔක්තෝම්බර් මස 29 වැනි දායි. වේලාව සවස 6.30ට පමණ වන්නට ඇති. අනුරාධපුර ශීක්ෂණ රෝහලෙන් කැබිතිගොල්ලෑව පොලිසියට පණිවුඩයක් ලැබුණා.
 
"සර්.. බෙල්ලේ වැල දාගත්ත ගෑණු කෙනෙක් ඇඩ්මිට් කළා. යනකොටත් එයාට පණ තිබුණා. ඒත් එයාගේ තත්ත්වේ බරපතල නිසා කැබිතිගොල්ලෑව හොස්පිට්ල් එකෙන් එයාව මෙහෙට මාරු කරලා තිබුණා. අද එයා අයි.සී.යූ. එකේදී නැතිවුණා.."

අනුරාධපුර රෝහල් පොලිසියෙන් ලැබුණූ පණිවුඩය අතුරතුර වයෝවෘද්ධ කාන්තාවක් ද පොලිසියට පැමිණ සිටියා. ඒ පැමිණිල්ලක් සිදු කිරීම සඳහා යි.
 
"සර්.. මගේ පුතයි එයා බැඳලා ඉන්න ලේලියි පදිංචිවෙලා ඉන්නේ මගේ ගෙදර ඉස්සරහ ගෙදර. මම හවස එයාලගේ ෆ්‍රිජ් එකේ දාපු මාළු කෑම ගන්න ගෙදරට ගියා. පුතා ගෙදර හිටියේ නැහැ. මම ගේ ඇතුළට යද්දි ලේලි සාලය මැද බාල්කයක එල්ලිලා හිටියා..."
 
"ඉන් පස්සෙ?"
 
"මම කෑ ගැහැව්වා මගේ මහත්තයා එතනට ආවා. එල්ලිලා හිටිය දුවව බිමට අරගෙන කැබිතිගොල්ලෑව ඉස්පිරිතාලේට අරගෙන ගියා.."
 
"එයා එල්ලිලා හිටියේ ලණුවකින්ද?"
 
"නැහැ සර්.. සාරියකින්.."
 
ඇගේ පැමිණිල්ල සටහන් කරගත් පොලිස් නිලධාරියා මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කළා. පසුව පැමැණිලිකාරියගෙන් තවදුරටත් ප්‍රශ්න කරන්නට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළා.
 
"එතකොට එයාගේ මහත්තයා ගෙදර හිටියේ නැද්ද?"
 
"නැහැ සර්. එයා ලෙඩෙක් බලන්න හොස්පිට්ල් ගිහින් හිටියේ. අපි ලේලිව අරගෙන ගියාට පස්සෙ පුතාව අපිට හම්බ වුණා. එයා එනකොට තමයි මේක දැනගත්තේ.."
 
ඇගේ ප්‍රකාශය පොලිස් පොතේ සටහන් කරගත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සමඟ සිද්ධිය වූ බව කියන නිවසටත් ඉන් අනතුරුව මිය ගිය කාන්තාවගේ සිරුර තැන්පත් කර තිබූ අනුරාධපුර රෝහල් මෘතශරීරාගාරයටත් ගියේ ඉන් අනතුරුවයි.
 
මේ සිද්ධිය වූ නිවෙස පිහිටා ඇත්තේ කැබිතිගොල්ලෑව හොරොව්පතාන මාර්ගයේ කැබිතිගොල්ලෑව පොළ පිටුපසයි. එම ඉඩමේ ගෙවල් තුනක් පිහිටා තිබෙනවා. ඉන් එක් ගෙයක මේ කාන්තාව හා ඇගේ සැමියා සහ වසර එකහමාරක වයසැති කුඩා දියණිය පදිංචිව සිටිනවා. ඊට යාබදව ඇගේ සැමියාගේ මව හා පියා පදිංචිව සිටින අතර අනෙක් නිවසේ පදිංචිව සිටින්නේ අඹුසැමි යුවළක්.
 
ඉන්පසු මේ සිද්ධිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට කැබිතිගොල්ලෑව පොලිසියේ නිලධාරින් පියවර ගත් අතර සොකෝ නිලධාරින් ද සිද්ධිය වූ ස්ථානයට කැඳවනු ලැබුවා. පසුව කැබිතිගොල්ලෑව දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළා.
 
මරණ පරීක්ෂණයේදී හෙළී වුයේ ඇය මිය ගොස් ඇත්තේ ගෙල වැළලා ගැනීමකින් නොව ගෙල සිරකිරීමකින් බවයි.
 
ඒ අනුව පොලිසිය විමර්ශන ආරම්භ කළා. සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියාගෙන් මෙන්ම ඔහුගේ මව හා පියාගෙන් ප්‍රශ්න කළ පොලිසිය ඔවුන්ගෙනුත් ප්‍රකාශ සටහන් කරගත්තා.
 
නමුත් සැමියා කියා සිටියේ තමා ඇගේ මරණයට සම්බන්ධ නැති බවත්, ඒ මොහොතේ තමා රෝහල්ගතව සිටි මිතුරෙකු බැලීමට ගිය බවත්, එහි යන්නට ප්‍රථමයෙන් බිරිය හා ආරවුලක් ඇති වූ බවයි.
 
පසුව ඔහුගේ මවගෙන්ද පියාගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගත්තා.
 
"මෙයාගේ කෑගැහිල්ල ඇහිලා මමත් පුතාගේ ගෙදරට ගියා. එතකොට තමයි දැන්නේ ලේලි එල්ලිලා ඉන්නවා. අපි සාරි ගැටේ ලිහලා එයාව ත්‍රිවිලර් එකෙන් ඉස්පිරිතාලේ අරගෙන ගියා.."
 
සැමියාගේ පියාද පොලිසිය හමුවේ එසේ කීවා.
 
පසුව පොලිසිය දීර්ඝ විමර්ශණයක් ආරම්භ කළා.
 
"ඔය ගෑණු කෙනා එල්ලිලා හිටිය සාරිය ඔළුවෙන් ලිහලා අරගෙන ගෑනු කෙනා ඉස්පිරිතාලේට ගෙනිච්චා නම් ඒ ගැටේ බුරුල් වෙන්න එපැයි. ඒත් ඒ ගැටේ තිබුණේ තදේට. එහෙම වෙන්න බෑ. අනෙක මේ ගෑනු කෙනා අඩි හතරහමාරක් විතර උසයි. ගැටේ ගහලා එල්ලිලා තියෙන්නේ පොළවේ මට්ටමෙන් අඩි භාගයක් විතර උසින්. එහෙමත් වෙන්න බෑ. එතකොට මේ ගෑණු කෙනාගේ සැමියාගේ අම්මයි තාත්තයි කියන කතා දෙකෙත් පරස්පරතා තියනවා. ස්ථානයේ තිබුණූ ස්වභාවයත් වෙනස්. ඒ නිසා අපිට සැකයක් ආවා. අපි ඒ නිසා අධිකරණයට මේ ගැන කරුණු වාර්තා කළා. ඉන් පස්සේ තමයි මරණ පරීක්ෂණයක් තියන්න කියලා මහේස්ත්‍රාත්තුමා නියෝග කළේ.."
 
කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එසේ සඳහන් කළා.
 
"පස්සේ මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරද්දි අපිට දැනගන්න ලැබුණා, මේ ගෑනු කෙනායි සැමියයි අතර දවල් 11ට විතර ආරවුලක් ඇති වෙලා කියලා.."
 
"එදා මේ ගෑනු කෙනා සමෘද්ධි බැංකුවට රුපියල් 2500ක් ගෙවන්න තිබිලා තියෙනවා. ඒත් බැංකුවට ණය ගෙවන්න රුපියල් දෙදාස් පන්සීයක් ගෙදර තිබිලා නැහැ. මිනිහා ගෑනිට දීලත් නෑ. සල්ලි ඉල්ලූවාම දෙන්න අතර ආරවුලක් ඇති වෙලා.. ඊට පස්සේ මිනිහා ටවුමට ගිහින් තියනවා. ගෑනු කෙනා ඉන් පස්සේ දුවත් අරගෙන ටවුමට ගිහින් දුවගේ කරාබු දෙක උගස් කරලා රුපියල් 2500ක් අරන් ගෙදර ඇවිත් තියනවා.."
 
"දෙකයි හතළිස් පහට විතර මිනිහා ගෙදර ඇවිල්ලා. එතකොට මිනිහා දැකලා තියනවා, දුවගේ කනේ කරාබු දෙක නැති බව. ඒකට ආයෙත් දෙන්නා අතර රණ්ඩුවක් ඇති වෙලා. ඇයි කෙල්ලගේ කරාබු උගස් කළේ කියලා. ඒ රංඩුවෙන් පස්සෙ තමයි මිනිහා යාළුවා බලන්න කැබිතිගොල්ලෑව ඉස්පිරිතාලේ ගිහින් තියෙන්නෙ. එතන ඉන්නකොට තමයි මිනිහගේ අම්මයි තාත්තයි ත්‍රිවිලර් එකක දාගෙන එයාගේ නෝනව ඉස්පිරිතාලේට අරන් ඇවිත් තියෙන්නේ.."
 
"මේ ගෑනු කෙනාගේ බෙල්ලේ සීරිම් තිබුණා. තවත් සැක සහිත දේ තිබුණා. ඒ අතරතුර අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා සිරුරේ කොටස් ලබාගෙන මෘත ශරීරය මුදා හැරියා අවසන් කටයුතු කරගෙන යන්න. ඒත් මරණය විමර්ශන මට්ටමේ පවතින්නේ කියලා සඳහන් කරලා.."
 
"අවසන් කටයුතු කරන අතරතුර තමයි මරණ පරීක්ෂණ වාර්තාව එන්නේ ගෑනු කෙනාට පහරදීලා ගෙල සිරකරලා මරලා කියලා.."
 
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශණයේදී සොයා ගැණුනු සාක්ෂි මත බිරිය ඝාතනය කිරීමේ සැකය සැමියා වෙත එල්ල වුවද ඔහු ප්‍රකාශ කරන්නේ තමා එවැන්නක් නොකළ බවයි.
 
ආරවුලක් දුර දිග ගොස් බිරියගේ ගෙල මිරිකා සාරියක් උපයෝගී කරගෙන ඇය සාලයේ බාල්කයේ එල්ලා ඇට සිය දිවි නසාගත් බව ඒත්තු ගැන්වීමට උත්සහ කළේ යැයි පොලිසියට ඇති වූ සැකයට ඇගේ සැමියාත්, තොරතුරු වසන් කළාට ඔහුගේ මවත් පියාත් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. පසුව මේ අය රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.
 
කීර්ති මෙන්ඩිස්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top