ඉදිරියේදී ශ්‍රී ලංකා ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් භාවිතා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
එමෙන්ම ජනාධිපතිවරයා වෙනුවෙන් ගමන් කරන රථ පෙළෙහි වාහන ගණනද ඉතා සීමා කිරීමට ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දැනට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් වාහන 15ක් 20ක් පමණ ආරක්ෂක රථ පෙළෙහි ගමන් කරන අතර, නව තීරණය අනුව එම ප්‍රමාණය වාහන දෙකක් හෝ තුනක් පමණක් වනු ඇති.
සෙසු වාහන හැසිරවීම සඳහා පොලිස් යතුරුපැදි කිහිපයක් අලුතින් එක් කිරීමට සැලසුම් කර ඇති බවට ද ආරංචි මාර්ග සඳහන් කරනවා.
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කරද්දි මාර්ග වසා තැබීම ඉදිරියට සිදු නොකිරීමට ද එතුමා විසින් තීරණය කර ඇති බව වාර්තා වනවා.
2500ක් පමණ වන ජනාධිපතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය 250 දක්වා අවම කිරීමට ද එතුමා තීරණය කර ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.