කොකේන් අඩංගු මත්ද්‍රව්‍ය ගුලි කිහිපයක් සමඟ කටුනායක ගුවන් තොටුපලේදි රේගුව මගින් අත්අඩංගුවට ගත් කෙන්යානු ජාතික කාන්තාව ගිල දමා තිබූ තවත් කොකේන් ගුලි 19 ක් පිටතට ගෙන තිබෙනවා.
ඒ, ඇය මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාරිය විසින් ගිල දැමූ තවත් කොකේන් ගුලි ඇයගේ ආමාශයේ පවතින බවයි මීගමුව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
පෙරේදා පස්වරුවේ ඇය දෝහා කටාර් සිට මෙරටට පැමිණ ඇති අතර, ගමන් මළු පරීක්ෂා කිරීමේදි කොකේන් ගුලි කිහිපයක් සොයාගෙන තිබුණා.
පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ 34 හැවිරිදි මෙම කාන්තාව තවත් කොකේන් ගුලි ගිල මෙරටට පැමිණ ඇති බවයි.
ඒ අනුවයි ඇය විරේක ගන්වා එම කොකේන් පිටතට ගැනීම සඳහා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණේ.