ඇමරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සුබ පැතුම් එක් කර තිබෙනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ශ්රී ලංකාවේ පැවති ප්රජාතන්ත්රවාදී මැතිවරණයට ප්රංශසා එක් කරන බවයි.
එමෙන්ම, ආරක්ෂක අංශයේ ප්රතිසංස්කරණ, වගවීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා නව ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට ඇමරිකාව සූදානම් බව ද එහි සදහන්.