උතුරේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව උතුර පළාත් හිටපු මහඇමති සී.වී. විග්නේෂ්වරන් පවසනවා.
කොළඹ දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, දෙමළ ජාතික සන්ධානය ද ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට තීරණය කර තිබෙනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් කියා සිටියේ තමා මේ වන විට ත්‍රිකුණාමලයේ සිටින අතර, කොළඹට පැමිණි විගස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට අපේක්ෂා කරන බවයි.