දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය වසර අවසානය වන තෙක් පැවතිය හැකි බවට තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසනවා.
මෙම වසරේ ජුලි මාසයේදී පමණ දිවයිනට බලපෑ මෙම අයහපත් කාලගුණ තත්ත්වය ලෝකයේ තවත් බොහෝ රටවලට මේ අයුරින්ම බලපෑ ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඊට හේතුව ග්‍රහයන්ගේ වෙනස්වීමක් හේතුවෙන් ඇති වූ ගුරුත්වාකර්ශනයේ බලපෑමක් බවයි තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේදීත් සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට ද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.