නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සුබපතා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු ජනතාවට කිසිදු භේදයකින් තොරව සේවය කරනු ඇති බවයි.
නව ජනාධිපතිවරයාගේ සියලු කටයුතු සාර්ථක වේවා යැයි ද තමන් ප්‍රාර්ථනා කරන බවයි සී.වී. විග්නේෂ්වරන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.