අනුරාධපුර - රුවන්වැලි මහ සෑ රදුන්ට පළඳවන රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය අද සිට අනිද්දා දක්වා කොළඹ - බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කරන බව නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, ස්වර්ණමාලී මහා චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පවසනවා.
ලබන 21 වනදා එය කොළඹ බණ්ඩාරානායක සම්මන්ත්‍රණ ශාලාවේ සිට අනුරාධපුරය දක්වා වැඩමකරවීම සිදුකරන බවයි උන්වහන්සේ සඳහන් කළේ.
ලබන 22, 23 සහ 24 යන තෙදින තුළ අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේදීද ජනතාවගේ වන්දනා මානයට අවස්ථාව සළසා ඇති අතර, චූඩා මාණික්‍යය රුවන්වැලි මහ සෑ රදුන් මත පැළඳවීම නොවැම්බර් 25 වනදා සිදුකිරීමට නියමිතයි.