රටේ ජනතාවගේ ජයග්‍රහණයක්, අභියෝග සියල්ල විසඳන නායකයා..
මෙය නම් අන්තිම සටනයි කියපු දේ ජනතාව අවබෝධ කරගත්තා..
ශ්‍රී ලාංකීය ජනතාව කාලාන්තරයක් පෙරුම් පුරපු දේ..
ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට අනුරාධපුර, රුවන්වැලි සෑරදුන් අභියසදී සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
ඒ, හෙට පෙරවරු 11 ට යෙදෙන සුබ මොහොතින්.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරෙන අතරතුරම ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතීම සඳහා මිරිහානේ පිහිටි ඒ මහතාගේ නිවසට විශාල පිරිසක් පැමිණියා.
මහා සංඝරත්නය ප්රමුඛ පූජ්‍ය පක්ෂය, දේශපාලනඥයින්, කලාකරුවන් පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එලෙස පැමිණි පිරිසට අයත්.
මෙහිදී මෙරට 7 වන විධායක ජනාධිපති ධුරයට තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ට ආචාර කළේ මෙලෙසින්.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතීම සඳහා පැමිණි පිරිස අදහස් පළකළා.
ඉන් අනතුරුව ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත්කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ පැවති උත්සවයට සහභාගීවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පිටව ගියා.
මේ අතර, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග තංගල්ල කාල්ටන් නිවසේ රැඳී සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතීම සඳහා පාක්ෂිකයින් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා.
මේ අතර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ පැමිණීම සඳහා කාල්ටන් නිවසින් පිටත් වූයේ මෙලෙසයි.