Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
17
"දුෂ්කරතා මැද ලැබූ ජයග්‍රහණය සාමකාමීව භූක්ති විඳින්න.." - විපක්ෂ නායක මහින්දගෙන් නිවේදනයක් - Video

- "දුෂ්කරතා මැද ලැබූ ජයග්‍රහණය සාමකාමීව භූක්ති විඳින්න.." - විපක්ෂ නායක මහින්දගෙන් නිවේදනයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views
වසර 5ක් මුළුල්ලේ විවිධ දුෂ්කරතා විඳ ලබාගත් ජයග්‍රහණයක්..
ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත එපා වීම මෙම ජයග්‍රහණයට හේතුවයි..
ආණ්ඩුවේ දඩයමට ලක්වූවන්ට සාධාරණත්වය ඉටු කරනවා..
 
වසර 5 ක් මුළුල්ලේ විවිධ දුෂ්කරතා විඳ ලබාගත් ජයග්‍රහණය සාමකාමීව අන් අයට කරදරයක් නොවන අයුරින් භූක්ති විඳින ලෙස සියලු පාක්ෂිකයින්ගෙන් සහ ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා.
 
ඒ, අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින්.

විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ මෙම තීරණාත්මක ජයග්‍රහණය ලබාදී ඇත්තේ පසුගිය වසර 5 පුරා පැවති ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත ජනතාවට එපා වීම හේතුවෙන් බවයි.
 
එම නිසා කිසිවෙකුටත් කරදරයක් නොවන ආකාරයට හැසිරීම පොදු මහජනතාව වෙනුවෙන් ඉටු කරන යුතුකමක් බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.
 
පසුගිය වසර 5 පුරා ආණ්ඩුවේ දඩයමට සහ අසාධාරණකම්වලට ලක්වූවන්ට සාධාරණයක් ඉටු කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් යොදන බවද විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.
 
ප්‍රතිවාදීන් 2015 දී සිදුකළ ආකාරයෙන් නොයෙක් පටු දේශපාලන න්‍යාය පත්‍ර සහිත ජාතිවාදී, ආගම්වාදී බලවේග එක්කරගෙන මෙවරත් ජනවරම කොල්ලකෑමට ගත් උත්සාහය ව්‍යර්ත කිරීම පිළිබඳ ශ්‍රි ලාංකාවාසී ජනතාවට ප්‍රනාමය පුද කරන බවද එම නිවේදනයේ සඳහන්.
 
එහි දැක්වෙන්නේ ජාතිවාදය වපුරවමින් සිදුකරන භයානක දේශපාලන සූදුව අවසන් කිරීමට දැන් කාලය එළැඹ ඇති බවයි.
 
19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇතිකර තිබෙන ව්‍යාකූලත්වය නිසා මෙවර ජනාධිපතිවරණය පෙර පැවති සියලු ජනාධිපතිවරණවලට වඩා බෙහෙවින් වෙනස් බවද විපක්ෂ නායකවරයා පවසනවා.
 
නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය ගැන සමාලෝචනය කර පවතින නීතිමය රාමුව යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
 
සිය අපේක්ෂකයාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ පරිදි මෙලෙස ආර්ථිකය මුල සිට ගොඩනැගීමට මෙන්ම රටේ පාලන තන්ත්‍රය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පුර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට ද සිදුවනු ඇති බව විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top