ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ධුරයේ දිවුරුම්දීම හෙට පෙරවරු 11 ට අනුරාධපුර - රුවන්වැලි සෑරදුන් අභියසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනය කළා.
එමෙන්ම, එහිදී ඔහු කියා සිටියේ නව ජනාධිපතිවරයා ලෙස තේරිපත්වී සිටින ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්රකාශනය සම්බන්ධයෙන් ජනතාව ඉමහත් බලාපොරොත්තු සහගතව පසුවන බවයි.
ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඡන්ද හැටනව ලක්ෂ 24,255 ක් ලබා ගනිමින් සියයට 52.25 ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළා.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඡන්ද පනස්පන් ලක්ෂ 64,239 ක් ලබා ගනිමින් වාර්තා කළ ඡන්ද ප්‍රතිශතය සියයට 41. 99 ක්.