Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
17
මංගල, මලික්, හරීන් සහ අජිත් පී. පෙරේරාත් ඇමති ධුරවලින් ඉල්ලා අස්වේ

- මංගල, මලික්, හරීන් සහ අජිත් පී. පෙරේරාත් ඇමති ධුරවලින් ඉල්ලා අස්වේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
ජනාධිපතිවරණයේ පරාජය පිළිගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා.
 
ඒ, මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් පැවති අතරතුර විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
 
මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුලූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද නිවේදනය කළේ තමන් සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන බවයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතරතුර අද දහවල් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට සිය සුබපැතුම් එක් කරන බවයි.
 
එමෙන්ම ජනතා මතයට ගරු කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව ඔහු සඳහන් කර තිබුණා.
 
මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර ද අද පස්වරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කර තිබෙනවා.
 
රටේ සමස්ත ජනතාව පැහැදිළි තීන්දුවක් ගෙන ඇති බවත්, එය පිළිගනිමින් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් දැරූ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත්තේ.
 
ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස පරාජයට පත්වීමෙන් අනතුරුව ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රමද සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර තිබෙනවා.
 
එමඟින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තෝරාගැනීමට ජනතාව ගනු ලැබූ තීන්දුවට ගරු කරන බවයි.
 
එමෙන්ම ඩිජිටල්, යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.
 
ක්‍රීඩා, විදුලි සංදේශ සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද තම අමාත්‍ය ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් වන බව ඊට පෙර ප්‍රකාශ කළා.
 
මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය මෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය ධුරය දැරූ රුවන් විජේවර්ධන ද සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වුණේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට සුබපැතුම් එක් කරමින්.
 
එමෙන්ම ඡන්ද ප්‍රතිඵලයට ගරු කරමින් තමන් නිපුණතා සංවර්ධණ සහ වෘත්තිය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව කරූ පරණවිතාන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා.
 
මේ අතර මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් වීමෙන් අනතුරුව අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් විශේෂ රැස්වීමක් සඳහා අරලිය ගහ මන්දිරයට කැඳවා තිබුණා.
 
එම රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top