සියයට 40.47ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් සජිත් ප්‍රේමදාස හිමිකර ගත් ඡන්ද ප්‍රමාණය ඡන්ද එක්ලක්ෂ 12,473ක් වනවා. අනුර කුමාර දිසානායක ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 12,284 ක් වන අතර, එම ඡන්ද ප්‍රතිශතය දැක්වෙන්නේ සියයට 4.42 ක් ලෙසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව ආසනය ඡන්ද 60,963ක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කර තිබෙනවා. එහි ප්‍රතිශතය සියයට 64.07යි. සියයට 31.36ක ප්‍රතිශතයක් වාර්තා කරමින් සජිත් ප්‍රේමදාස ඡන්ද 29,842 ක් ලබා ගෙන තිබෙනවා. අනුර කුමාර දිසානායක ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 2183 ක්.
කුරුණෑගල - පොල්ගහවෙල ආසනය ද ඡන්ද 36,836 ක සංඛ්‍යාවක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළා. එහි ප්‍රතිශතය සියයට 57.98 ක් ලෙසයි දැක්වුණේ. ඡන්ද 23,458 ක් ලබා ගත් සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිශතය සියයට 36.92 ක් ලෙස දැක්වුණු අතර, සියයට 3.28 ක් වාර්තා කළ අනුර කුමාර දිසානායකගේ ඡන්ද ප්‍රතිශතය 2085 ක්.
ඡන්ද 58,903 ක් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂ හම්බන්තොට - මුල්කිරිගල ආසනය ජයග්‍රහණය කර තිබෙනවා. එහි ප්‍රතිශතය දැක්වෙන්නේ සියයට 67.73 ක් ලෙසයි. සජිත් ප්‍රේමදාස ඡන්ද 22,329 ක් ලබා ගෙන ඇති අතර, එහි ප්‍රතිශතය සියයට 25.68 ක් ලෙස දැක්වෙනවා.
අනුරාධපුර - බටහිර ආසනය ඡන්ද 51,091 ක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළා. සියයට 59.35 ක් ලෙස එහි ප්‍රතිශතය දැක්වෙනවා. ඡන්ද 30,301 ක් සජිත් ප්‍රේමදාස ලබාගෙන ඇති අතර, එහි ප්‍රතිශතය සියයට 35.20ක් ලෙස දැක්වෙනවා. අනුර කුමාර දිසානායක ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2789 ක්.
ඡන්ද 55,370 ක් ලබා ගනිමින් ගම්පහ - දිවුලපිටිය ආසනය ජයග්‍රහණය කලේ ගෝඨාභය රාජපක්ෂයි. එය සියයට 59.9 3 ක ප්‍රතිශතයක් ලෙස දැක්වුණා. සියයට 34.80ක ප්‍රතිශතයක් වාර්තා කරමින් සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 32,149 ක්. සියයට 3.37 ක් ලබා ගත් අනුර කුමාර දිසානායක ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3117 ක්.
කුරුණෑගල - කුරුණෑගල ආසනය සියයට 55.68 ක ඡන්දය ප්‍රතිශතයක් වාර්තා කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළා. එහිදී ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 41,940 ක්. ඡන්ද 29,021 ක් සජිත් ප්‍රේමදාස ලබා ගත් අතර, අනුර කුමාර දිසානායක ඡන්ද 3030 ක් ලබා ගත්තා.