කළුතර, බදුල්ල, නුවරඑළිය, හම්බන්තොට, පොළොන්නරුව දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කර තිබෙනවා.
ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ආසනය ද ජය ගනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂයි.
කළුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ ජය ගනු ලැබුවේ ඡන්ද 22,586ක් ලබා ගනිමින්. එය ප්‍රතිශතයක් ලෙස සියයට 66ක්. සජිත් ප්‍රේමදාස ඡන්ද 9172ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 26.8ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 1912ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 5.59ක් වනවා.
ඡන්ද 9151ක් හිමි කර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ නුවරඑළිය තැපැල් ඡන්දය ජය ගනු ලැබුවා. ඔහු හිමි කර ගත් ප්‍රතිශතය සියයට 51.77ක්. සජිත් ප්‍රේමදාස ඡන්ද 7696ක් ලබා ගත් අතර එහි ප්‍රතිශතය සියයට 43.54ක් වනවා. අනුර කුමාර දිසානායක ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 638ක්. එය ප්‍රතිශතයක් ලෙස සියයට 3.61ක් වනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය, ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේ ඡන්ද 9285ක් ලබා ගනිමින්. එය ප්‍රතිශතයක් ලෙස සියයට 55.71ක්. සජිත් ප්‍රේමදාස ඡන්ද 5835ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 35.01ක් වනවා. අනුර කුමාර දිසානායක ඡන්ද 1234ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 7.4ක්.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ද ගෝඨාභය රාජපක්ෂ ජය ගනු ලැබුවේ ඡන්ද 12,983ක් ලබා ගනිමින්. එය ප්‍රතිශතක් ලෙස සියයට 68.94ක්. සජිත් ප්‍රේමදාස ඡන්ද 3947ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 20.96ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 1731ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 9.19ක් වනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ආසනය ගෝඨාභය රාජපක්ෂ ජය ගනු ලැබුවේ ඡන්ද 47,659ක් ලබා ගනිමින්. එය ප්‍රතිශතයක් ලෙස සියයට 69.4ක්. සජිත් ප්‍රේමදාස ඡන්ද 17,487ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 25.46ක් වනවා. අනුර කුමාර දිසානායක ඡන්ද 2264ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 3.3ක්.
ඡන්ද 11,261ක් ලබා ගනිමින් දිගාමඩුල්ල තැපැල් ඡන්දය ද ජය ගනු ලැබුවේ සජිත් ප්‍රේමදාසයි. ඔහු හිමි කර ගත් ප්‍රතිශතය 47.67%ක්. ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 10,831ක් ලබා ගත්තා. එහි ප්‍රතිශතය 45.85%ක්. අනුර කුමාර දිසානායකට ඡන්ද 1134ක් හිමි වී තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 4.80%ක්.
යාපනය - කයිට්ස් ආසනය ඡන්ද 11,319ක් ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස ජය ගනු ලැබුවා. එහි ප්‍රතිශතය සියයට 69.82ක්. ඡන්ද 2917ක් ගෝඨාභය රාජපක්ෂට හිමි වූ අතර එහි ප්‍රතිශතය සියයට 17.99ක් වනවා.
යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ආසනය ජය ගනු ලැබුවේ ඡන්ද 20,792ක් ලබා ගත් සජිත් ප්‍රේමදාසයි. ගෝඨාභය රාජපක්ෂ එහිදී ඡන්ද 1617ක් ලබා ගත්තා.
යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව ආසනය සජිත් ප්‍රේමදාස ජය ගනු ලැබුවේ ඡන්ද 19,931ක් ලබා ගනිමින්. එය ප්‍රතිශතයක් ලෙස 82.31%ක්. ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 1848ක් ලබා ගත් අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 7.63ක් වනවා.