සමස්ථයක් ලෙස 2019 ජනාධිපතිවරණයේ දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80%ක් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා පත්කරගැනීම උදෙසා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම පස්වරු 5ට අවසන් වුණා.
ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක පැවති ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයක්.
අද පැවැත්වූ ඡන්ද විමසීමේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 80%ක් බවයි තේරීම් භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 75%ක් වන අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 80%ක්.
කෑගල්ල දිස්ත්‍රික්කයේ 75%ක්, මොණරාගල 80%ක්, මාතර 80%ක්, මන්නාරම 75%ක්, රත්නපුර 84%, කලුතර 75%, මහනුවර 80%, මාතලේ 80%, ගාල්ල 80%ක් ලෙසට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් පවතින බවයි තේරීම් භාර නිලධාරීවරුන් සඳහන් කළේ.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80%ක් වන අතර බදුල්ල 80%, යාපනය 66.5%, මුලතිව් 76.2%, දිගාමඩුල්ල 80%, කුරුණෑගල 80%, ත්‍රිකුණාමලය 82%, හම්බන්තොට 75%ත් 80%ත් අතර ප්‍රතිශතයක් සහ වන්නි දිස්ත්‍රික්කයේ 74.34%ක් වන බව තේරීම් භාර නිලධාරීවරුන් කියාසිටියා.
මේ වන විට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එමින් පවතිනවා.
අපේක්ෂකයින් 35 දෙනෙක් තරගවදින මෙවර ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයට එක්වන්නේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය ලෙසයි.
මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෙර පැවති මැතිවරණවලට වඩා පැයක අතිරේක කාලයක් ලබාදී තිබීම විශේෂත්වයක්.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා යොදා ගැණෙනුයේ 2018 ඡන්ද හිමි නාම ලේඛණයයි.