දිස්ත්‍රික්ක රැසක මධ්‍යහ්න 12 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 50 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, මාතලේ දිස්ත්‍රික්කයේ සියයට 65 ක ප්‍රතිශතයක් ද, මහනුවර දිස්ත්‍රික්කයේ සියයට 60 ක ප්‍රතිශතයක් ද, පොළොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල සියයට 60 ක ප්‍රතිශතයක් ද ජන්දය භාවිතා කර ඇති බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන් සඳහන් කළේ.
එසේම, ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 60 ක ප්‍රතිශතයක් ද, මොනරාගල දිස්ත්‍රික්කයේ සියයට 55 ක ප්‍රතිශතයක් ද ජන්දය භාවිතා කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 50 ක මට්ටමේ පවතිනවා.
මීට අමතරව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියයට 50 ක ප්‍රතිශතයක් ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියයට 52 ක ප්‍රතිශතයක් ද, වව්නියාව දිස්ත්‍රික්කයේ සියයට 55 ක ප්‍රතිශතයක් ද මේ වනවිට ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන් කියා සිටියේ.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සියයට 55 ක ප්‍රතිශතයක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියයට 40ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ සියයට 50 කට වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ ද සියයට 50 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරු තවදුරටත් කියා සිටියේ.