Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
16
දිස්ත්‍රික්ක රැසක උදෑසන ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 35 ඉක්මවයි

- දිස්ත්‍රික්ක රැසක උදෑසන ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 35 ඉක්මවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

105 Views
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන්ගේ වාර්තාවලට අනුව දිවයිනේ බොහෝ දිස්ත්‍රික්වල මධ්‍යහ්න 12 ආසන්න වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 35 ඉක්මවා තිබෙනවා. අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ඡන්දය භාවිත කිරීමට අද උදෑසන සිට ඡන්දදායකයන් අතර දැඩි උද්යෝගයක් පවතින බවයි. එසේම ඡන්ද විමසීම සමස්තයක් ලෙස
 
කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පෙරවරු 11 පමණ වනවිට සියයට 35 ක පමණ අගයක් ගෙන තිබුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේ පෙරවරු 11 පසුවන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 35 ඉක්මවූ බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුනිල් ජයලත් ප්‍රකාශ කළේ.
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මධ්‍යහ්න 12 පසුවන විට සියයට 50 ඉක්මවනු ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
 
යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පෙරවරු 11 ආසන්න වනවිට සියයට 25 ක පමණ අගයක් ගෙන තිබූ බවයි යාපනය තේරීම් භාර නිලධාරී එන් වේදනායගම් සඳහන් කළේ.
 
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මේ වනවිට දැක්වෙන්නේ සියයට 30 ක අගයක් ලෙසයි.
 
මාතර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයද මධ්‍යහ්න 12 ට පෙර සියයට 35 ඉක්මවූ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රදීප් රත්නායක ප්‍රකාශ කළා.
 
මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය දැක්වුණේ සියයට 30 ට වැඩි අගයක් ලෙස බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න කියා සිටියා.
 
පුත්තලම දිස්ත්‍රික්කයේ මේ වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වෙන්නේ සියයට 40ක අගයක් ලෙස බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එන්.එන්.එම්. චිත්‍රානන්ද සඳහන් කළේ.
 
රත්නපුර තේරීම් භාර නිලධාරී මාලනී ලොකුපෝතාගම කියා සිටියේ එම දිස්ත්‍රික්කයේ පෙරවරු 11 පසුවනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 40 ක් බවයි.
 
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියයට 25 කට ආසන්න ප්‍රතිශතයක් අද පෙරවරුව වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබූ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එන්.ඒ.ඒ. පුෂ්පකුමාර සඳහන් කළා.
 
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මේ වනවිට සියයට 35 ක් ලෙස වාර්තාවී ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ආර්.එම්. වන්නිනායක ප්‍රකාශ කළේ.
 
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියයට 45 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පණ්ඩුක අබේවර්ධන කියා සිටියා.
 
මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ තත්ත්වය සාමකාමී වන අතර, මේ වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 45 ක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීනි ඩී.එස්. පද්මකුලසූරිය සඳහන් කළා.
 
බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තාවී ඇත්තේ සියයට 54 ක් ලෙසයි.
 
මේ අතර මන්නාරම දිස්ත්‍රික්කයේ මේ වනවිට වාර්තාවී ඇති ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 30 ක්. මඩකලපුව දිස්ත්‍රික්කයේ පෙරවරු 11 වනවිට සියයට 20 කට වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර, වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 30 ඉක්මවූ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා.
 
අද පෙරවරු හතට ආරම්භ වූ ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම පස්වරු 5 ට අවසන් වීමට නියමිතයි.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top