විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් පැදවූ යතුරු පැදියක ගැටීමෙන් 73 හැවිරිදි පුද්ගලයෙකු පෙරේදා (13දා) පස්‌වරුවේ රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්‌ෂයට පත්ව ඇතැයි කන්තලේ පොලිසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කන්තලේ රජඇල යුනිට් 4 ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙක්.
13 දා පස්‌වරු 6 ට පමණ රජඇල චූලාභය මාවතේ දී පාපැදියේ යමින් සිටි මිය ගිය අය එක්‌වරම තම පා පැදිය දකුණු පසට හැරවීමේ දී පිටුපසින් පැමිණි යතුරු පැදියේ ගැටීමෙන් අනතුර සිදු වී ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබෙනවා.
යතුරුපැදිකාරිය වූ 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවිය ද තුවාල ලබා මේ වනවිට ත්‍රිකුණාමලය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.