Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
16
"මම මහා ලොකු පොරක් නෙමෙයි, බෝලේ එනකොට බැට් කරන විදිහ අපි දැනගන්න ඕන.." - ජනිත් වික්‍රමගේ - Photos

- "මම මහා ලොකු පොරක් නෙමෙයි, බෝලේ එනකොට බැට් කරන විදිහ අපි දැනගන්න ඕන.." - ජනිත් වික්‍රමගේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
එතැනින් එහාට විවිධ චරිත කරන්න පුළුවන් කියන විශ්වාසයක් මට තියෙනවා...
මම හිතනවා ගන්න මුදලට හරියට වැඩ කළොත් අපිව තව නිර්මාණවලට ඕන වෙයි..
මම පොර කියලා මාව බලන්න හෝල්වලට එන්න ඕන හිතුවොත් මම නැතිවෙලා යයි..
 
ජනිත් වික්‍රමගේ කියන්නේ නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙන චරිතයක්. දැන් ඉදහිට සිනමා නිර්මාණ සදහාත් දායක වෙනවා. පුංචි තිරයට පෙම්වතා වගේම දගකාර, චන්ඩි චරිතවලින් දැකගන්න ලැබෙන ඔහු ගැනයි මේ....

ජනිත් අහුවුණ මොකක්ද මේ 'Rush'?
'Rush' කියන්නේ මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය. 'Rush' මේ දවස්වල තිරගත වෙනවා. මමත් 'Rush' චිත්‍රපටයේ 'දිලි' විදිහට ප්‍රේක්ෂකයන්ට මුණගැහෙනවා.
 
'දිලි' ප්‍රේක්ෂකයන් උපරිම දිනාගෙන කියලත් ආරංචියි?
ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ චරිතය වෙනුවෙන් පැසසුම් තමයි අහන්න ලැබුණේ. නරකක් නම් තාම අහන්න ලැබුණේ නැහැ. තරුණ පරපුර සිංහල චිත්‍රපටවලින් අෑත්වෙලා ඉන්න කාලයකත් චිත්‍රපටය බලලා ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම ප්‍රේක්ෂකයෝ මං ගැන තිබ්බ විශ්වාසය මට වටිනවා. ඒ විශ්වාසයත් එක්ක තමයි මම ඉදිරියට යන්නේ.
 
'Rush' තුළ ඔබ පෙම්වතා නෙමෙයි. සහාය චරිතයක් වෙලයි ඔබ ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳිලා තියෙන්නේ?'
මම බොරුවට හාස්‍යය මතු කරන්න කැමැති නැහැ. ඒ චරිතයේ තියෙන සරලකම එක්ක තමයි 'දිලි' ප්‍රේක්ෂකයෝ දිනාගෙන ඉන්නේ. ජැක්සන් ඇන්තනි මහත්මයත් විචාරයක මං ගැන ලියලා තිබ්බා. ඒ විචාර, ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මට සම්මාන දාහකට වඩා වටිනවා. ඒ ප්‍රතිචාරවලින් අපි තවත් හොඳ දෙයක් කරන්න මහන්සි වෙනවා. අපි කරන දේ මරු කියන අය තමයි අපි කරන ඊළඟ වැඩේ මොකක්ද කියලා බලන්නේ.
 
පෙම්වතා තමයි ප්‍රේක්ෂකයෝ දිනාගන්නේ කියලා බොහෝ අය කියද්දී සෙසු චරිතයකින් ආකර්ෂණයට ලක්වෙන්නත් රහසක් ඇති?,
ඒකට අවශ්‍ය දක්ෂකම, අවුරුදු ගාණක් තිස්සේ ලබාගන්න පන්නරය, මේ හැමදේම වැදගත්. බෝලේ එනකොට බැට් කරන විදිහ අපි දැනගන්න ඕන. ලැබෙන චරිතයෙන් ගොඩයන්න අපි දැනගන්න ඕන. මම මහ ලොකු පොරක් නෙමෙයි. මම කරන දෙයින් ප්‍රේක්ෂකයෝ මාව වැලඳගෙන තියෙනවා.
 
චිත්‍රපටයෙදි ජනිත්ට අනෙක් පිරිසගෙනුත් ලොකු සහායක් ලැබෙන්න ඇති නේද?
ඇත්තටම නිර්මාණයකට සම්බන්ධ වෙන එකිනෙකා ගැන විශ්වාසයක් නැත්නම් ඒ වැඩේ හරියට කරන්න බැහැ. මම කරන දේ ප්‍රේක්ෂකයෝ විඳිනවා නම් අනෙක් අයගේ දායකත්වයත් ඒ චරිතය පෝෂණය වෙන්න ලැබිලා තියෙනවා. උද්දික අයියා, සාරංග අයියා කියන්නේ පරිණත රංගන ශිල්පීන්. ඔවුන්ගෙන් මට ලැබිච්ච උපදෙස් තියෙනවා. මහේෂ් අයියා වුණත් අපෙන් හරි දේ හරියට ගන්න දන්න අධ්‍යක්ෂවරයෙක්. උද්දික අයියට සාරංග අයියට පුළුවන් දේ මට කරන්න බෑ. මට කරන්න පුළුවන් දේ ඔවුන්ට කරන්න බෑ. ඒක තේරුම් ගෙන වැඩ කළාම කරන වැඩේ ගොඩදාන්න පුළුවන්. උද්දික අයියා, සාරංග අයියා වුණත් මට කිව්වේ ජනිත් මරු කියලා. ඉතිං ඒ වගේ දේවල් අහන්න ලැබෙද්දී හරිම සතුටුයි.
 
රූගත කිරීම් කරන කාලය ඇතුළේ සිද්ධ වුණු රසමුසු දේවල් ඕන තරම් තියෙනවා ඇති?
කොල්ලොම ටිකක් එකතු වුණාම ඉතිං පිස්සුම ලෝකයක්. උද්දික අයියා, සාරංග අයියා, හර්ෂණ අයියා, පොඩි ජනිත් මල්ලි, මේ හැමෝම වෘත්තීයමය රංගන ශිල්පීන්. ඔවුන් වැඩේදී කොහොමද ඉන්නේ, එළියෙදී කොහොමද ඉන්නේ කියලා දන්නවා. රසමුසු දේවල් නම් ගොඩයි. ඒවා කියාගන්න තමයි බැරි.
 
ජනිත් සිනමාවේ හීරෝ වෙන්න කැමැති නැද්ද?
මම හිරිපොද වැස්ස චිත්‍රපටයේ රඟපාන්නේ අවුරුදු 18දී. දැන් මට අවුරුදු 31යි. මම විජය කුමාරතුංග මහත්මයා, රොෂාන් රණවන, හේමාල් රණසිංහ වගේ දේහධාරී පෞරුෂයක් තියෙන නළුවෙක් නෙමෙයි. මම සාමාන්‍ය උසක් තියෙන නළුවෙක්. සිනමාවේ වීරයා වෙන්න අපිට අවස්ථාව ලැබුණේ නැහැ. ෂාරුක්, සල්මන්, අමීර් වුණත් විවිධ චරිතවලින් ප්‍රේක්ෂකයෝ අල්ලගෙන තමයි හීරෝ කියන තැනට ආවේ. මට මුලින් හීරෝ වෙන්න ලැබුණේ නැහැ. මම හිතනවා සිනමාවේ ලබාගන්නා අත්දැකීම් එක්ක මුහුකුරායෑම එක්ක සිනමාවේ වීරයා කියන තැනටත් යන්න පුළුවන් වෙයි කියලා. දැවැන්ත සිනමාවේ වීරයා වෙන්න වෙනම පෞරුෂයක් ඕනේ කියලා මම හිතනවා.
 
ජනිත් ඒ තැන හදාගන්න මහන්සි වෙනවාද?
විදෙස් නළුවෝ වුණත් පියවරෙන් පියවර තමයි තමන්ගේ තැන හදාගත්තේ. කොමඩි චරිත කරලා ප්‍රේක්ෂකයෝ දිනාගත්තට පස්සේ අපිට ඕන හැඳිවලින් බෙදන්න පුළුවන් තැන හදාගන්න පුළුවන්. මම හිතනවා මම දැන් ප්‍රේක්ෂකයෝ දිනාගනිමින් ඉන්නවා. එතැනින් එහාට විවිධ චරිත කරන්න පුළුවන් කියන විශ්වාසයක් මට තියෙනවා. ඉස්සෙල්ලම අපි අපේ නමට ප්‍රේක්ෂකයෝ චිත්‍රපටයක් බලන්න ගෙන්න ගන්න තැන හදන්න ඕන. ඒ වෙනුවෙන් ආකර්ෂණය තියාගන්න පුළුවන් නිර්මාණ කරනවා. මම පොරක් කියලා හිතාගෙන හිටියොත් වැඩක් නැහැ. අපි කරන චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයෝ එන්න ඕන.
 
ජනිත්ගෙන් අධ්‍යක්ෂවරු හරි ප්‍රයෝජනය ගන්නවද?
ඇත්තටම 'Rush' චිත්‍රපටය කළ එක ගැන මම සන්තෝෂ වෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සු රවට්ටන එක අපරාධයක්. නිර්මාණ ගැන විශ්වාසයක් නැති නිසා සමහර වෙලාවට කොච්චර හොඳ නිර්මාණයක් කළත් ප්‍රේක්ෂකයෝ එය බලන්න එන්නේ අඩුවෙන්. අපි සිනමාව ගැන විශ්වාසය ඇති කරන්න වැඩ කරන්න ඕන. 'Rush' ඒ වගේ වැඩක්. මම හිතනවා ගන්න මුදලට හරියට වැඩ කළොත් අපිව තව නිර්මාණවලට ඕන වෙයි.
 
පුංචි තිරයටත් ඉඩ වෙන් කරලද?
මම සම්බන්ධ වෙන ටෙලිනාට්‍යයක් විකාශය වෙනවා. ඒ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම දැන් හිතනවා ප්‍රේක්ෂකයෝ ටිකට් අරගෙන චිත්‍රපට ශාලාවකට එද්දී අපි පුංචි තිරයේ නිකන් බලන්න පුළුවන් වීම වැඩක් නෑ කියලා. දැන් මම පොර කියලා ප්‍රේක්ෂකයෝ මාව බලන්න හෝල්වලට එන්න ඕන කියලා හිතුවොත් මම නැතිවෙලා යයි. ඉදිරියේදී මම සිනමාවේ කරන දේ තව තව සාර්ථක වුණොත් වැඩි ඉඩක් සිනමාව වෙනුවෙන් වෙන් කරනවා.
 
පුංචි තිරයේ ඉන්න නිසා ජනිත්ට සිනමාවේ වැඩ මඟහැරිලා තියෙනවද?
එහෙම මඟහැරිලා තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. 'Rush' චිත්‍රපටයේ සාර්ථකත්වය නිසා අධ්‍යක්ෂවරුන් මං ගැන තිබ්බ විශ්වාසය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරියේදී මට සිනමා නිර්මාණ වැඩි වෙන්න පුළුවන්. කොහොම වුණත් අත්දැකීම් ලබමින්, කට්ට කාගෙන හිමින් මේ ගමන යනවා. නොලැබෙන දේවල් ගැන හිතන්නේ නැහැ. ලැබෙන දේවල් ගැන සතුටු වෙනවා.
 
සිනමාව පැත්තෙන් තවත් අලුත් නිර්මාණවලට එකතු වුණාද?
ඔව්. සුරංග ද අල්විස් මහත්මයාගේ 'ද ගේම්' කියන චිත්‍රපටයට එකතු වුණා. අපි කරන වැඩේ බලද්දී අපිටම හිනා යනවා නම් ඒක අනිවාර්යයෙන් පත්තු වෙන වැඩක් කියලා හිතන්න පුළුවන්. එය ලබන අප්‍රේල් මාසේ විතර තිරගත වෙයි. තවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කතා කරගෙන යනවා.
 
කෞශල්‍යා කළුගම්පිටිය


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top