සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද උදෑසන කාලයේ ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
නැගෙනහිර පළාතේ යාපනය, කිලිනොච්චි, මුලතිවු, වව්නියාව, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිබවයි එම නිවේදනයේ වැඩිදුරත් සඳහන් වන්නේ.
මේ අතර දිවයිනට බස්නාහිර, දතුරු සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එසේම මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්යතොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස්කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩ පවතින බවයි එහි දැක්වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.